Monday, October 8, 2012

සෙනෙහස!




කෙතක් වෙලා  කුස පිරුවා
වැවක් වෙලා පවස නිවා
අහස වගේ සෙවන සදා
වෙසතුරු සේ දනින් පුදා

ඒ සෙවනේ පහස ලබා
අපි සැම පෝශණය වුනා
මහා විසල් රුකක් වෙලා 
අව්වැසි සැම එතෙර කලා


මවත් වෙලා පියත් වෙලා
ලොබක් නැතිව සෙනෙහස  පා 
ලොවම ගෙනත් පා මුලෙහි තබා
දුන්න සෙනෙහෙ  මහමෙරක් වෙලා

හදවත තුල නිදන් වෙලා
වැතිර නිදයි බරක් වෙලා
දෙනෙත් පුරා ඉතිර ගලා
කඩා වැටේ කඳුල වෙලා

43 comments:

රූ.... said...

ලස්සන කවි පෙලක්..
අන්තිම කවිය නම් ගොඩක් දැනුනා..

නුවන් said...

මට නම් දැනුනේ දෙමව්පියන්ගෙන් ලැබෙන සෙනෙහස ගැන ලියවිලා කියල!
බොහොම ලස්සන අදහසක්!:)

අවතාර් said...

සිතිවිලි උයනට සෑහෙන දවසකින් ගොඩ වැදුනා
ලස්සනයි !!

ධමිමික ස‍‍දරුවන් said...

ලස්සනයි.ඒත්..

Chandi said...

@ රූ.........
බොහොම ස්තූතියි රූ.

Chandi said...

@ නුවන්;
නැහැ නුවන්, මේ .... අපේ මහත්තයා ගැන ලියවුනක්. ගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.

Chandi said...

@ අවතාරේ ;
ගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.

Chandi said...

@ ධමිමික ස‍‍දරුවන් ;
ඒත්...........?
ගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.

අළුත් මල්ලි : Shan Dissanayake said...

අපූරු කවි පෙළක්... ලස්සණයි...

ගල්මල්-Coral said...

සෙනෙහෙබර කවි පෙල, අන්තිම කවි පන්තිය ගොඩාක් දැනුනා.

Chandi said...

@ අලුත් මල්ලී,
බොහොම ස්තූතියි! මල්ලි මේ පැත්තෙ ඇවිත් අදහස් දැක්වූවාට.

Chandi said...

@ ගල්මල්;
බොහොම ස්තූතියි! ඩීන් මල්ලි, අයියා නැතිව දඹදිව වන්දනාවෙ යන්නයි හදන්නෙ. ඒ සංවේගයෙන් ලියවුන පද පෙලක්. දෙන්නාටම යන්න විදිහක් නැහැ තව පුතාල දෙන්නෙක් ගෙදර නිසා. අයියා කලින් ගිහින් නිසා මට මේ අවස්ථාව දුන්නා. ඒ උනාට හිත බරයි.

හිරුහිමාවී said...

හ්ම්ම්..හරිම ලස්සන පද ටිකක්.....

Dinesh said...

ඇත්තටම අපූරු කවි පෙලක්..

ලහිරු said...

හැඟීම්බර කවි පෙළක්!

Chandi said...

@ හිරු හිමාවී;
ස්තූතියි! දුව.

Chandi said...

@ Dinesh ;

ස්තූතියි! Dinesh.

Chandi said...

@ ලහිරු;
ස්තූතියි! ලහිරු පුතා. ඔන්න ඉතින්, ඔයාවත් මතක් කරමින් වඳින්නම්.

Chandi said...

@ ලහිරු;
ස්තූතියි! ලහිරු පුතා. ඔන්න ඉතින්, ඔයාවත් මතක් කරමින් වඳින්නම්.

තිස්ස දොඩන්ගොඩ said...

සෙනහස නම් හිතට බරකි - ඒත් සුවයකි - කඳුලකි - ඒත් සැනසුමකි..

දයානන්ද රත්නායක said...

මටත් දැනෙන්නේ දෙමව්පියන්ට අන්තමේ ඉතිරිවන්නේ දරුවන්ගෙන් දුක සහ වේදනාව විතරයි කියල. සැබැව එයම තමයි.

Chandi said...

@ තිස්ස දොඩංගොඩ;
ස්තූතියි! තිස්ස. සෙනෙහස මහ බරක්ම තමා.

Chandi said...

@ දයානන්ද රත්නායක;
ස්තූතියි! දයානන්ද. ඒක ඇත්ත මහත්තයා සහ දරුවො දාල කොහේවත් නොගිය මට මේ වෙන්වීම හරිම අමාරුයි. කොහොම ඒ දින කීපය ගෙවෙයි ද මන්දා. කොහොම උනත් මෙහි සටහන් තබන්න විස්තර නම් එකතුවෙයි දඹදිව වන්දනාව.

Gayani Wedage said...

කවි ලියන්න නම් මා ලැබ නැත.එත් මම කිවයෙව්වා ඔබේ නිර්මාණය ඔබට තේරුවන් සරණයි!

Chandi said...

@ Gayani;
බොහොම ස්තූතියි! ගයනි. කවිය......... ඔබ දිගටම ලියනවිට ඉබේම අදහස් ඒවි ගයනි. ඒක අහම්බෙන් හිතට ඒවි. කවුරුත් හිතල නිර්මාණ කරන්නෙ නෑ මම දන්න විදිහට. මම මේ දේ ලියනවා කියල නම් කවි ලියන්න බැහැ අනෙක් සටහන් වගේ. තෙරුවන් සරණයි! ආයෙ හමු වෙමු.

Anonymous said...

Thank you for your thoughtful present of having written this article. The message seems to be given to me specifically. Our son also had a lot to learn from this – though he was the individual that found your site first. Most of us can't imagine a more superb present than a gift to encourage that you do more.

Chandana said...

හ්ම්ම්.. හරිම ලස්සන වෙනස් විදිහක නිර්මාණයක්.. නියමයි අක්කේ.

diyakandura said...

ලස්සනම ලස්සන නිසඳැසක් ආසයි ඒකට.. :)

Chandi said...

@ චන්දන;
බොහොම ස්තූතියි මල්ලි මේ පැත්තෙ ආවට. සාදරෙන්ම පිළිගන්නවා ඔයාව.

Chandi said...

@ diyakandura ;

බොහොම ස්තූතියි! රවින්දි, මේ පැත්තෙ ආවට. සාදරෙන්ම පිළිගන්නවා ඔයාවත් මේ අඩවියට. මාත් කවියට ආසා නිසාමයි ආවෙ ඔයාගෙ සටහනට.

රතී, said...

ඒ සෙනෙහස මිල කරන්න බෑ මේයි කියලා...දෙමාපියන්ගෙන් අපිට ලැබෙන්නේ අමිල සෙනෙහසක්...දෙමාපියොත් එහෙමයිනේ දරැවන්ට...

ප්‍රාර්ථනා said...

හරිම ලස්සන කවි පෙළක්.. අදමයි මේ පැත්තේ ආවේ...

priyantha said...

ලස්සනයි කවි පෙළ අක්කේ.

Chandi said...

@ රතී, ඒක ඇත්ත.
මේ සෙනෙහස ස්වාමියා හා බිරිඳ අතර සෙනේහයක් ගැන මල්ලි.

Chandi said...

@ ප්‍රාර්ථනා ,
මුලින්ම සෙනෙහසින්ම පිළිගන්නවා ඔයාව සිතුවිලි උයනට. ගොඩක් ස්තූතියි! මේ අඩවියට ගොඩ වැදුනට. ඔයාගෙ බ්ලොග් එකට ආව. ලස්සනයි හිමිහිට වචනයක් ලියන්නම්. කවි කාරියක් නේද?

Chandi said...

@ ප්‍රියන්ත මල්ලි ,
මුලින්ම සෙනෙහසින්ම පිළිගන්නවා ඔයාව සිතුවිලි උයනට. ගොඩක් ස්තූතියි! මේ අඩවියට ගොඩ වැදුනට. ඔයාගෙ සටහන් කියවන්න බලා ඉන්නවා මල්ලි.

දේශකයා said...

කව්ද කිව්ව වගේ තනි ඇහැට නේ ඇඩිල තියෙන්නේ.. ජය..

Chandi said...

@ දේශකයා;
තනි ඇහෙන් අඬන අයත් ඉන්නව යැ දේශක තුමා. මං වැරදි පින්තුරෙ දාල ද? ස්තූතියි ! අපේ පැත්තෙ ආවට. පිළිගන්නවා ආයුබෝවන් කියල සෙනෙහසින්ම.

Chandi said...

@ දේශකයා;
තනි ඇහෙන් අඬන අයත් ඉන්න ව යැ දේශක තුමා. ඒ කියන්නෙ මං වැරදි පින්තූරෙ දාල නේද? ස්තූතියි! මේ පැත්තෙ ආවට. පිළිගන්නවා ආයුබෝවන් කියල සෙනෙහසින්ම.

රතී, said...

@ රතී, ඒක ඇත්ත.
මේ සෙනෙහස ස්වාමියා හා බිරිඳ අතර සෙනේහයක් ගැන මල්ලි.

හෆොයි...මම මූණ හංගගත්තා මටවත් මාව නොපෙනයිද බලන්න...හෙහෙ...මට මතක් වෙනවා ලක්ෂ්මන්ගේ ගීතයක් ..ඒකත් හරි යයි වගේ මේ සෙනෙහසට..සොඳුර ජීවිතයේ ලඟම හිතමිතුරියයි...වරෙක ඇය මට මගේ වැදූ මව හා සමයි...

වර්ෂා.. said...

ලස්සන ම කවියක් නැන්ෙද්..
අෙගයි.අපූරුයි!

Chandi said...

@ වර්ෂා;
ආ...වර්ෂා දුව කාලෙකට පස්සෙ ඇවිත්, කොහෙද ? අප්පේ හිටියෙ. විභාග හොඳින් කලාද? දැන් බ්ලොග් ලියන්නෙ නැත්ද?

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ said...

ලොඩාක් ලස්සනයි. මම උනුසුම් විදිහට සුබ පතනවා. මගේ බ්ලොග් අඩවි වලටත් එන්න කියලා මෙහි සිටින සියළු දෙනාමට ආදරයෙන් ආරාධනා කරනවා. සිංහල භාෂාවෙන් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා ටයිප් කරලා ඕකේ කලාම වගේ වෙබ් සයිට්ස් සේරම පෙන්නනවා. ඔය ගොල්ල කැමති ඒවා බලලා මට ගුණ දොස් කියන්න 0718064226 මගේ මොබයිල් එක

Post a Comment