කෙතක් වෙලා කුස පිරුවා වැවක් වෙලා පවස නිවා අහස වගේ සෙවන සදා වෙසතුරු සේ දනින් පුදා ඒ සෙවනේ පහස ලබා අපි සැම පෝශණය වුනා මහා විසල් රුකක් වෙලා අව්වැසි සැම එතෙර කලා මවත් වෙලා පියත් වෙලා ලොබක් නැතිව සෙනෙහස පා ලොවම ගෙනත් පා මුලෙහි තබා දුන්න සෙනෙහෙ මහමෙරක් වෙලා හදවත තුල නිදන් වෙලා වැතිර නිදයි බරක් වෙලා දෙනෙත් පුරා ඉතිර ගලා කඩා වැටේ කඳුල වෙලා
මගෙ ජීවිතයේ හැම මන්සන්දියකම මා පසු පස හිටි මහා පහන් ටැඹ මගේ ආදරණීය තාත්තයි. මම මෙතෙක් ආව ගමනේ යම් සාර්තකත්වයක් ඇත්නම් ඒ පිටුපස හිටියේ ඔහුයි. පුංචි කාලෙ ඉදලම හොද පොත් ඇසුරු කරන්න මග පෙන්වලා මාව ලේඛණ දිවියට හුරු කලෙත් ඔහුයි. අදටත් ලැබෙන ගුරුහරුකම් සිහි කරන්නෙ මහත් භක්ත්‍යාදරයෙන්. තාත්තේ ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
ReplyDeleteඅම්මලා තාත්තලා අපේ ජීවිත වලට මොන තරම් ශක්තියක් වුණා ද කියන එක වත්මන් පරපුරේ බොහෝ අයට කාර්‍ය බහුලත්වයත් එක්ක අමතක වෙලා ගියාට චන්දි අක්කට නම් මතක තියෙන හැඩයි. ඔවුන්ට අපිව ජීවිතය වුණා වගේ ම අපිටත් ඔවුන්ව ජීවිතය යුතුයි. චන්දි අක්කාගේ ආදරණීය තාත්තාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා කියා පතනවා!
ReplyDelete