Monday, May 30, 2011

සිත් විල ඉවුරට පෑයූ සඳ!


සිත්විල ඉවුරට සඳක් පායලා

සඳකැන් දහරින් මසිත නැහැවිලා

සැනසෙන්නට ඒ සඳ දිය දහරේ

යදමින් බැඳිලා පතිකුළ සිරිතට


කවදාවත් නොදැනුන ලෙස

හද විල් දිය පිනා ගිහින්

නෙතඟ බැලූමි කෙළිකවට සිනා

සොරොව් කටින් පිටවාන් දමන්

පෙමි සිතුව්ළි පහල වෙලා

අමතකවී බෝසත්කමි


පළමු පෙමට දුන්න තිතට

යළි පනදෙනු නොහැකි නිසා

නෙත්මානෙන් එපිට ගිහින්

මට ඉන්නට වෙලා සඳේ

අමතක කර දමා සිතින්

අපේ පැරණි ලෙන්ගතුකම්


මුහුදු හතක් එහා ලොවෙන්

සුදු සඳරැස් ගලා ඇවිත්

විල් පියුමන් නටන විලේ

දියරැලි පෙළ මට වැඩියෙන්

පින් පුරවා බලා ඉදින්


සෙනෙහස පුදා මහ සාගරය ලෙසින්

රැකගෙන එදා මා සැනසූ හිමි සඳුන්

මහමෙර ලෙසින් රැක ගෙන අදරින්

ඒ පෙමි විලම කිමිදෙමි බැතියෙන්


හදේ රැදුන නෙක සඳරැස්

සිත්ව්ල මායිමෙන් එපිට

එහා ඉවුරෙ තනිරකීවි

මායිමි වැට කඩොලූ කුමට

එපා යළිත් පායන්නට

සරා සඳේ අපේ ලොවට

4 comments:

දුකා said...

මේ කවිය කියෙව්වාම මතක් වුනෙත් සින්දුවක් . .

නිරංජලාගේ

"අකලට වට මහ වරුසාවක් සේ . .
අසුභ දිනෙක ආ සුභ පැතුමක් සේ . . "

හරිම උභතෝකෝටික තත්වයක් . .

මේ වගේ තත්වයකට මූන දුන්නු කෙනක්ට හොඳ බුද්ධියක් ඕන වෙනවා හැඟීම වලට වහල් නොවී ඉන්න නම් . .

ලස්සන නිර්මාණයක් අක්කේ . .

Chandi said...

මමත් ගොඩක් ආසම කරන ගීතයක් අකලට වට මහ වරුසවක් සේ..... ගීතය. මල්ලි කියන එක සම්පූර්ණ ඇත්ත. මේ වගේ දෙයකට මුහුණ දුන් අයෙක්ට හරිම අමාරු වෙයි තම සිතුවිළි පාලනය කරගන්න. ලංකාවෙ හැදුන අපට ඒ තරමට හැගීම් වලට වහල් වෙලා ඉන්න අවශය වෙන්නෙ නෑ කියල මට හිතෙනව. අපි අපේ හික්මීම හදාගෙන ඉන්න නිසා. අපේ සංස්කෘතියෙන්, ආගම දහමින් අපිට ඒ දේ උරුම වෙලා. අනික බුදු දහමින් ලැබෙන ශික්ෂණය හරිම වැදගත්. ගොඩක් ලියන්න තිබුනත් අනෙක් අයටත් තමන් ගෙ අදහස් දක්වන්න තියල ස්තූතිවන්ත වෙනව මේ වටිනා අදහස එක් කලාට.

මැණික් said...

ම්... ලඟකදි ඉඳලා කවි කාරියක් වෙලානේ. ලස්සනයි ගොඩක්.
මැණික්

Chandi said...

බොහොම ස්තූතියි, නංගි. මම පාසැල් කාලයේ ඉදලම මෙවැනි නිර්මාණ කලා. නමුත් කාලයක් ලංකාවෙන් බැහැරව වාසය කල නිසා ඒ දේවල් මග හැරිල හිටිය. දැන් මෙහෙම වත් නිර්මාණයකට දායක වෙන්න ලැබෙන එක ලොකු සතුටක්.

Post a Comment