සමුගත් සොඳුරිය!



සමුගත් සොඳුරිය!

හිම මෙන් සීතල නුඹේ පා මත

සුදු රෝස මල් කළඹක් තබා

සමුගන්නෙ කෙලෙසද සොඳුරියේ

අද දෙනෙත තෙත් වී කඳුළු වෑහී

හඬා වැටෙනා මගේ ලෝකය


එදා මෙදා තුල සොඳුරු අතීතය

මතකය පමනක් ඉතිරි වෙලා මට

රිදවන හදවත කෙලෙස දරන්නද

හෙට පායන හිරු කෙලෙස දකින්නද

නිවී ගිහින් මගෙ ජීවිත පහනම


පටාචාරාව ලෙස ආවා මතකයි

දෙමාපියන් සැම අත් හැරදා නුඹ

සැනසී ඉන්නට මා තුරුලේ

දෛවය කෙතරම් රුදුරු සොඳුරිය

සුවඳක් පමණයි ඉතිරි උනේ මට


මතු අත් භවයට පෙරුම් පුරන්නට

එපා කියා මට සසර දුකම දී

නුඹ නිවා ගියෙද හිරු පහනම

කියන්න සොඳුරියෙ මුදු තොල් විදහා

මන්දහාස නුඹේ සිනහව පාලා

සමුගන්නට පෙර මගේ ලෝකයෙන්

Comments

  1. හරි දුක හිතෙන පදපෙලක් නේ අක්කේ

    ReplyDelete
  2. ඇත්ත මල්ලි, අපි කාටත් මේ අවස්ථාව උරුමයි නේද? කවදා හරිම අපි ආදරය කරන අයව අපි දාල යනවනේ. අපි ලෝකෙට එන්නේ තනියම, නමුත් සසර බැදීම් මත අපිට හමුවෙන සුන්දර මිනිසුන් අපි අත්හැර යන්නෙත් තනියම නේද කියල හිතුන වෙලාවක බිහි වෙච්ච නිර්මාණයක් තමයි මේ. ගොඩාක් ස්තූතියි ! මෙ පැත්තෙ ඇවිත් ගියාට.

    ReplyDelete
  3. සනත් නන්ද සිරිගෙ " එදා මෙදා තුර කඳුලට විවරව" කියන ගීතය මතක් වුනා. ලස්සන නිර්මානයක්
    මැණික්

    ReplyDelete
  4. @මැණික්,
    නංගියේ ගොඩාක් ස්තුතියි! මාත් හරිම ආසකරන ගීතයක්.

    ReplyDelete
  5. මටත් මුලින්ම මතකෙට ආවේ සනත් නන්දසිරිගේ එදා මෙදා තුර කඳුලට විවරව ගීතය . . .

    ඒත් ඒ ගීතයේ කියන්නේ පෙම්වතිය ගේ අවසානය ගන මේ කවියේ කියන්නේ බිරිඳකගේ නික්ම යෑමක් ගැන . .

    අපේ අම්මත් නිතරම තාත්තට කියන්නේ ඔයාට කලින් මම යන්න ඕන කියලා . . .

    මගේ ප්‍රාර්ථනාවත් ඒකයි . . . එයාට කලින් මට යන්න ලැබෙන්න කියලයි

    ReplyDelete
  6. @දුකා මල්ලි,
    ස්තූතියි! මල්ලියේ මේ පැත්තෙ ආවාට. මගෙ පැතුමත් මට මගෙ මහත්තයාට කලින් මේ ලෝකෙන් සමුගන්න ලැබෙන්නයි කියල තමයි. මොකද? මම හිතන්නෙ නෑ කාටවත් මේ වියොව දරන්න පුලුවන් වෙයි කියල. ඒ උනාට ලෝක ස්වභාවය කාටවත් වෙනස් කරන්න බැහැනෙ මල්ලි. අපි දන්නෙ නෑ ඒ දේ කොයි විදිහට, කොයි වෙලාවෙ සිද්ධ වෙයිද? කියල. ඔයාගෙ පැතුම ඉටුවේවා! කියල කියන්නෙ කොහොමද?

    ReplyDelete
  7. එහෙනම් අක්කගේ ප්‍රාර්ථනාව ඉටුවේවා කියන්නත් බෑ . .

    ඒත් මෙහෙම දෙයක් තියෙනවා නේද . . . ඒ ප්‍රාර්ථනාව ඉටුවීමෙන් අපිට ලබන්නේ සුවයක් නම් මිතුරා නැති වෙනවා වුනත් සුභ පතනන් පුලුවන් වෙන්න ඕන . .

    හරි අපි ඕක අතෑරල දාමු නැත්නම් කිකිලියි බිත්තරෙයි වගේ වෙනවා . . .

    තව කියන්න අක්කා . . . කෙටි කතා එහෙමත් ලියන්න . .

    ReplyDelete
  8. @දුකා මල්ලි,
    මල්ලියේ, හදවතට එකඟව එහෙම පැතුමක් මේ අක්කට නම් කරන්න ටිකක් අමාරුයි. මටත් ඉන්නේ එකම මල්ලියෙක්, එයාත් ලඟ නැති නිසා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!