මිහින්තලාවේ පොසොන් උදාවේ !



වෙසක් සඳේ සුදු සඳරැස් වියකී යනවා
පොසොන් මහේ අළුත් සඳක් අඹරෙ දිළෙනවා
අනුබුදු හිමියන් මෙත පා ලක්බිමට වඬිනවා
ලක්මෑණිට එදා පටන් දහම් සිසිල ලැබෙනවා

සැම සිත් තුල මෙත් කරුණා පිරී ඉතිරිලා
මුදිතා ගුණයෙන් යුතුවම දිවිය ගෙවනවා
මිහින්තළාවේ ගල් පඩි හෙමින් නගිනවා
නිවන් පුරට යන සුන්දර පාර සොයනවා

රත්නමාලි සෑ කොත අර ඈත දිලෙනවා
ජේතවනය සුදු පාටින් අර බබළනවා
මහමෙව්නාවේ පිරිතෙන් හද සැනසෙනවා
රහතුන් සැම සිරිලක් බිම විසිරී යනවා

ලොව උපදින ලොවෙන් මිදෙන මග හෙලිකරවා
සසර කතර දුක නැති කර ගමන නිම කළා
සාදු! සාදු! අපි ගෞතම බුදුන් වඳිනවා
සාදු! සාදු! අපි අනුබුදු හිමිත් වඳිනවා

චාන්දි.

Comments

  1. මමත් පොසොන් එකට මිහින්තලේ යන්න කියල.

    ReplyDelete
  2. බැතියෙන් පිරුණ පැදිපෙලක්, හරිම ලස්සනයි අක්කේ.

    ReplyDelete
  3. පොසොන් කිව්වම් මුලින්ම මතක් වෙන්නේ මිහින්තලාව තමයි... අපූරු පද පෙලක් අක්කේ...

    ReplyDelete
  4. මටනම් පොසොන් එකටම මිහින්තලේ යන්න කියලා විශේසයක් නෑ මම ඉන්නේ ඒ ලග. පද පෙල හොදයි.

    ReplyDelete
  5. @ නදී නංගි,
    ස්තූතියි! මේ අඩවියට ආවාට. තෙරුවන් සරණින් පරිස්සමින් ගිහින් එන්න ලැබෙන්න කියල පතනවා

    ReplyDelete
  6. @ ඩීන් මල්ලි,
    ස්තූතියි! හැමදාම වගේ මේ පැත්තේ ආවාට. ඔයාට ජයම වේවා!

    ReplyDelete
  7. @ චතුර මල්ලි,
    ස්තූතියි! මල්ලියේ, මේ පැත්තේ ආවාට. ඇත්ත, මිහින්තලාවයි පොසොන් දවසයි එකටම බද්ධ වෙලා නේ තියෙන්නේ. ඔයාට ජයම වේවා!

    ReplyDelete
  8. @ අනූෂ මල්ලි,
    ස්තූතියි! මල්ලියේ, අපිත් ඉතින් ආව වෙලාවක ගොඩ වදින්න පුලුවන් වෙයි නේද?
    අපිනම් ඉතින් දුරු කතර ගෙවා ගෙන එන්නට එපෑයැ මිහින්තලේ වඳින්න.

    ReplyDelete
  9. පොසොන් පෝයත් ඇවිත් දේද, දැනුනෙවත් නෑ...

    ReplyDelete
  10. @චේජනා,
    නංගියේ හෙට පොසොන් පොහොය. කාලය නම් ගෙවිල යන වේගය නම් හිතා ගන්නවත් බැහැ. හොඳින් ඉගෙනීම් කටයුතු කරගන්නට ඔයාට තෙරුවන් සරණ පතනවා.

    ReplyDelete
  11. බැතිබර පොසොන් මංගල්ලයක් චාන්දි අක්කා. සිත නිවන පදපෙළ.

    ReplyDelete
  12. @ නලිනි චන්දිමා,
    නංගියේ , බොහොම ස්තූතියි! ඔයාටත් වසනාවන්ත අනාගතයක් පතනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!