වසන්තය!





ඈත දුරුරට සීත හිම මැද

හිමි ඔබ ළඟ මා නොමැතිව අද
පාළු යහනේ අවදියෙන් හිද
ඉදි කඩුලූ පැන මගේ මැදුරට
ගතේ උනුසුම නිවාලන්නට
දැන් දැන් එතැයි ඔබ
නිබඳ මා සිත දවන වෙලාවයි
නිදි යහනේ නම් හිමියනේ ඔබ
සොඳුරු යහනට වඬින වෙලාවයි



දෑසමන් පෙති විසිරිලා
නීල තණ මත පැටලිලා
පිනිපොකුරු මල් පාවඩ මතින්
මිහිමත බැස උන් තරු කුමාරිකාවන්
අත් පටලා පිය මනින වෙලාවයි
නිදි යහනේ නම් හිමියනේ ඔබ
මේ රැයේ මා ඔබ අසලමයි



සඳ කැන් වැට්ලා නිල් දිය මත්තේ
පෙම් හැඟුම් රඟනා වෙලාවයි
සීත දියරැළි මිහිකත සනසා
වෙරළත සිඹිනා සොඳුරු වෙලාවයි
නේක කුසුම් සුවඳින් හිත පිරිලා
හද කිති කවනා රාත්‍රියයි
නිදි යහනේ නම් හිමියනේ ඔබ
හද යහනාවට දැන්ම වඬින්නයි



සඳකැන් වැට්ලා ගෙපිල පුරාවට
සුන්දර වියමන් අඳින වෙලාවයි
රෑ මනමාලී සුවඳ මැදින් මම
ඔබේ සුසුමන් සොයන වෙලාවයි
ඔබ අවදියෙන් නම් මේ රැයේ
රෝස යහනට වඬින්න දෙවියෝ
මේ අපේ සොඳුරුම වසන්තයයි



චාන්දි.

Comments

  1. ආදරයෙන් පිරුණ පදපෙලක් අක්කේ, හරිම සුමුදු වචන මිටක්.

    ReplyDelete
  2. ලස්සනට ලියැවිච්ච පද පෙළක්. තව තවත් රසවත් පදවැල් ලියන්නට සුබ පැතුම්!

    ReplyDelete
  3. @ ගල්මල්-Coral,
    බොහොම ස්තූතියි! ඩීන් මල්ලී. වචනයකින් කරන දිරිය ගොඩාක් වටිනවා.

    ReplyDelete
  4. @ arunishapiro,
    බොහොම ස්තූතියි! අරුණි, සුබ පැතුමට. මෙහෙම වදනක් අහන්නට ලැබෙන එක හරිම වැදගත් මට. කෙනෙක් වචනයක් ලීවාම දිරියක් ලැබෙනවා මේ කාර්‍ර‍යයට.

    ReplyDelete
  5. ලස්සන පද පෙළක් අක්කේ,,, සුභ පැතුම් !!!!!

    ReplyDelete
  6. @හරී - පිණිපළස,
    බොහොම ස්තූතියි නංගියේ මේ පැත්තෙ ඇවිත් ගියාට. මගෙ මහත්තයා මගේ ලඟ නොසිටිය වෙලාවක ලියවුන පද පෙලක් මේ. මමත් හිතනවා මේ මගේ සාර්ථක නිර්මාණයක් කියල. ඒත් ඒක තීරනය කරන්නෙ මට වඩා මේවා කියවන අයම නේද?

    ReplyDelete
  7. ලස්සන පද පෙලක්. තව තවත් කවි ලියවේවායි පතමි මම.
    මැණික්

    ReplyDelete
  8. @ මැණික්,
    ස්තූතියි, නංගියේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අවුකන හිද .