ආදරය!




ආදරය පිරුන අපේ
පුංච් අතු පැලේ

අග හිග දැනුනත්
සතුට්න් හිනාවෙයන්
මගෙ කිරිල්ලියේ

එක පැදුරේ සැතපීලා
ඉන්න සොදුරියේ
එක බත ් පත එකට අනා
කුස පුරවා හිදිමු මගෙ පී‍්‍රයේ
පැල පුරා පිරුන සොදුරු බවින්
හිත පිරෙයි මගේ

සෙනෙහස මහ මෙරක්
වගේ දැනෙයි කුමරියේ
ලොව සනහා සෙනෙහස්
ගඟ ගලාවී රැයේ
සද දිය දහරින් නැහැවී
ගිලෙමු පෙම් දියේ.

චාන්දි

Comments

  1. ගිතයකටත් හොඳයි මේක අක්ක

    ReplyDelete
  2. යුග දිවියේ ලස්සන පැත්ත මතු කරමින් අක්කා කරන පදපේළි හරිම ලස්සනයි, සුන්දරයි, වගේම වැඩදායීය. ඒ ලස්සන පණිවුඩය සමාජයට බෙදන්න තව තවත් ශක්තිය ඔබට ලැබේවා අක්කේ. මෙය මිහිරි පදපෙළක්.

    ReplyDelete
  3. @ Bindi,
    මටත් හිතුන නංගියේ. ඒ උනාට ඒ වගේ දෙයක් හොයන කෙනෙක් වත් හම්බ වෙන්න එපායැ මේක දෙන්න.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ඩීන් මල්ලි. ඔයා හැමදාම කරන දිරි ගැන්වීම මට ගොඩක් වටිනවා. යුග දිවියේ සොදුරු බව හැම හදවතකටම දැනේවා! කියල තමයි හැමදාම පතන්නේ. මේ දේ ලස්සන කරගන්නෙත්, වනසා ගන්නෙත් අපිම නේද? කියල හිතෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අවුකන හිද .