අසුබ දිනෙක ආ සුබ පැතුමක්! 1

ඈත ආකාසෙ වළාවන් පාවෙන්නෙ හරියට මාලතීගෙ හිත වගෙ. නිනව්වක් නැතිව ඔහේ බලාගෙන හිටියෙ රබර් යාය දිහා උදේ පාන්දර වෙච්ච සිද්දියෙන් ඔද්දල් වෙච්ච හිතත් එක්ක ඔට්ටු වෙන්න බැරි නිසාමයි. එකදෙක කොළ හැළුනු රබර් ගස් ටික මහා පතාක යෝදයින් රැළක් වගේ ගේ ඉස්සරහින් නැගී හිටියෙ හිත කීරිගැහෙන ලෙස. වසර ගනනාවකට පස්සෙ ආයෙත් මාලතීගෙ ලෝකයට අරවින්ද ආවෙ අද උදෙයි. පුංචි පුතාගෙ මූණුපොඩිය දකින දකින වෙලාවට මාලතීට අරවින්ද මතක් උනත් සියල්ලම අමතක කරල ලෝකෙට මූණදුන්නෙ සිරිදාස අයියට හිතේ නැගුන සෙනෙහස නිසාමයි. කාලයක් ඇගෙ හීනලෝකෙ පිරිල තිබුනෙ අරවින්ද එක්ක ගෙවන ජීවිතෙන්. අරවින්ද ගෙ පවුලෙ හිටියෙ තුන් දෙනයි. අරවින්දයි , අරවින්දගෙ අප්පච්චියිල අරවින්දගෙ පුංචි අම්මයි. අම්ම නැතිඋන දා ඉදල අරවින්දට අම්මෙක් උනෙ මාලතීගෙ අම්මයි. පුංචි අම්මගෙන් වෙන අකටයුතූකම් වලට හැමවෙලාවෙම හෙවනකඋනෙ ඇයයි. ඒ නිසාම සදහා ඇයට තම ජීවිතයෙන් වන්දිගෙවන්න සිද්ධවෙච්ච බව මාලතීට වැටහෙනකොට සියල්ලම සිද්ධවෙලා ඉවරයි.

පුංචි සන්දියෙ ඉදළම අරවින්දයි, සිරිදාසයි, මාලතීයි හැදුනෙ වැඩුනෙ එකටමයි. අරවින්දට වඩා මාලතී අවුරුදු දෙකකින් බාලයි. සිරිදාසයි අරවින්දයි එකම වයස. මේ වෙලාවෙ ඈගෙ මතකයට එන්නෙ පාසැල් ගිය මුල්ම කාලෙ ඈත් එක්කම එකට රබර් කට්ටිය දිගේ එකට ඇවිද ගිය අරවින්ද අයියවයි. පාසැලේ හැමවැඩකදිම මුල් තැන ගත්තෙ අරවින්ද අයියයි. ඒ අතර තමයි අම්මා නැති අඩුව පුරවන්න අරවින්දගෙ අප්පච්චි පුංචි අම්මව කැන්දගෙන ආවෙ. එදා ඉදල අරවින්ද ටික ටික මාලතීගෙ අම්මට ලං උනෙ නොදැනුවතවම. මාලතීගෙ අම්ම අරවින්දගෙ අප්පච්චිගෙ එකම සහෝදරිය. ඒ උනාට කර ගත්ත අනිසි විවාහය නිසාවෙන් ඈට පවුලෙන් අයින් වෙන්න වෙලා තිබුනත් පසුකාලෙක ඇයට ගෙදරට යන්න එන්න ලැබුනෙ අත්තම්මගෙ මැදිහත් වීමෙන් බවයි මාලතී දන්නෙ. අත්තම්ම මාලතීටත් අරවින්දටත් එක වගේම ආදරය කල බව මාලතීට හොදට මතකයි. හැබැයි අත්තම්මගෙ මරණින් පස්සෙ සෙරම වෙනස් උනෙ අරවින්දගෙ පුංචි අම්මගෙ මැදිහත් වීමෙන් බවයි ඈට හිතෙන්නෙ. මාලතීගෙ පියා ගමේ වැඩියමක් නොතිබුන පවුලක කෙනෙක්. පාසැල් යනකාලෙම හටගත්ත ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලය උනේ මාලතීගෙ අම්ම මහ ගෙදරින් පැනයාමයි. ඊට පස්සෙ ඉතාම දුක්ඛිත ජීවිතයක් ගෙව්ව ඇයට එකම දියණිය වූ මාලතී ලැබුනට පස්සෙ අත්තම්ම සීයාට හොරෙන් අම්මට අවශ්ය්‍ය කලමනා සැපයූ බව මාලතී දැන ගත්තෙ අම්මගෙන්. සීයගෙ මරණින් පස්සෙ අත්තම්ම පහල තිබුන රබර් කෑල්ල අම්මට ලියල දුන්නෙ වෙන්න තිබුන යුතූකමක් විදිහට. මේ අතර තමයි මාලතීගෙ තාත්ත ලෙඩින් වැටුනෙ. පිළිකාවකට ගොදුරු වෙච්ච තාත්තගෙ බර අම්ම උහුල ගත්තෙ කොහොමද කියල දැන් තමයි ඈට වැටහෙන්නෙ. තාත්ත මිය ගියෙ මාලතීගෙත් ඇගෙ අම්මගෙත් ජීවිත තව තවත් දුකට හෙලමින්. උදේ පාන්දර කඩයප්පන් තම්බල , ඊට පස්සෙ රබර් කට්ටියෙ කිරිටික කපල කීර මිටි දහයක් පහළවක් හදාගෙන අම්ම විකූණගන්න පටන් ගත්තෙ ඊට පස්සෙයි. මාලතීගෙ පාසැල් ගමනට අම්ම උර දුන්නෙ එහෙමයි.

***මේ කථාව එක දිගට මට දමන්න බැරි උනා. පෝස්ට් කරනකොට වෙච්ච අකරතැබ්බයක් නිසා. ඒකට මට සමාවෙන්න. 1,2 කොටස් එක දිගට කියවන්න කියල ආදරෙන් ඉල්ලනවා.

චාන්දිගේ සිතුවිලි උයන: අසුබ දිනෙක ආ සුබ පැතුමක්! 2

Comments

  1. චාන්දි අක්කත් Sett Deco දාලා නේද?

    මම ඒක දාලා නැහැ තවම. සටහන් කියවන්න ආයේ එන්න වෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!