වසන්ත ගීතය





ඔබෙ ආදර මල් වැස්සේ තෙමෙන්නට
සසර පුරා පින් පිරුවා නොවෙද මම
සීතල පිනි වැස්සේ හිරිමල් පොද යට
උණුසුමට ඔබේ සිරවී හැමදාම හිටින්නට
පින් පිරුවා නොවෙද මම


 ඒ වසන්ත කාලයේ ඔබ ඇවිත් හද අසපුවේ
 ඇන්ද නොමැකෙන සිතුවමේ
පාට නොමැකේ සදා හද මන්දිරේ
ගැයූ ගීත හද රඟහලේ
වියැකේ වි කෙසේ කිසිදා


ගලා යන මේ ජීවිත ගඟුලේ 
සැමදාම වසත්කාලයයි ගෙවුණේ
සෙනෙහස ඉතිරෙන පෙම් ඕවිල්ලේ
නැළවෙන මේ ආදරී ඔබ සුරතේම වෙලී හිදීවී
ගමන නිමවී සසර බැමි බිද දමන තුරා

Comments

  1. :) ලස්සනයි යාලු :)

    ReplyDelete
  2. ඉංග්‍රීසියට දාලා සුදු අප්පුහාමිට කියන්නම්. :)

    ස්තූතියි චාන්දි අක්කා ආදරය උතුරන වසන්නත ගීතයට.

    ReplyDelete
  3. මට මතක විදිහට මං මේ බ්ලොග් එකට ආවේ පළවෙනි වතාවට.ලස්සන කවි පේළි ටික.ජය !

    ReplyDelete
  4. @ හිරු හිමාවී;
    බොහොම ස්තූතියි දුවේ.

    ReplyDelete
  5. @ අරුණි ;
    බොහොම ස්තූතියි! අරුණි නංගී. සුදු අප්පුහාමියි ටිකිරි දුවයි ආදරෙන් මතක් කරනවා.

    ReplyDelete
  6. @ Dinesh;

    බොහොම ස්තූතියි!

    ReplyDelete
  7. @ ධම්මික සඳරුවන්;
    බොහොම ස්තූතියි ධම්මික. කලින් වතාවෙත් ඔයා කමෙන්ටුවක් දමා තිබුනා. ඔයාටත් ජය පතනවා.

    ReplyDelete
  8. හ්ම්ම් ආදරේ ඉතිරෙන කවි :)

    ReplyDelete
  9. @ සයුරී;
    බොහොම ස්තූතියි! සයුරි.

    ReplyDelete
  10. අපූරු පද පෙල අක්කේ . ..

    ReplyDelete
  11. උතුම් බැඳීමක් නේද මේ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!