සෙනෙහස!




කෙතක් වෙලා  කුස පිරුවා
වැවක් වෙලා පවස නිවා
අහස වගේ සෙවන සදා
වෙසතුරු සේ දනින් පුදා

ඒ සෙවනේ පහස ලබා
අපි සැම පෝශණය වුනා
මහා විසල් රුකක් වෙලා 
අව්වැසි සැම එතෙර කලා


මවත් වෙලා පියත් වෙලා
ලොබක් නැතිව සෙනෙහස  පා 
ලොවම ගෙනත් පා මුලෙහි තබා
දුන්න සෙනෙහෙ  මහමෙරක් වෙලා

හදවත තුල නිදන් වෙලා
වැතිර නිදයි බරක් වෙලා
දෙනෙත් පුරා ඉතිර ගලා
කඩා වැටේ කඳුල වෙලා

Comments

  1. ලස්සන කවි පෙලක්..
    අන්තිම කවිය නම් ගොඩක් දැනුනා..

    ReplyDelete
  2. මට නම් දැනුනේ දෙමව්පියන්ගෙන් ලැබෙන සෙනෙහස ගැන ලියවිලා කියල!
    බොහොම ලස්සන අදහසක්!:)

    ReplyDelete
  3. සිතිවිලි උයනට සෑහෙන දවසකින් ගොඩ වැදුනා
    ලස්සනයි !!

    ReplyDelete
  4. @ රූ.........
    බොහොම ස්තූතියි රූ.

    ReplyDelete
  5. @ නුවන්;
    නැහැ නුවන්, මේ .... අපේ මහත්තයා ගැන ලියවුනක්. ගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  6. @ අවතාරේ ;
    ගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  7. @ ධමිමික ස‍‍දරුවන් ;
    ඒත්...........?
    ගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  8. අපූරු කවි පෙළක්... ලස්සණයි...

    ReplyDelete
  9. සෙනෙහෙබර කවි පෙල, අන්තිම කවි පන්තිය ගොඩාක් දැනුනා.

    ReplyDelete
  10. @ අලුත් මල්ලී,
    බොහොම ස්තූතියි! මල්ලි මේ පැත්තෙ ඇවිත් අදහස් දැක්වූවාට.

    ReplyDelete
  11. @ ගල්මල්;
    බොහොම ස්තූතියි! ඩීන් මල්ලි, අයියා නැතිව දඹදිව වන්දනාවෙ යන්නයි හදන්නෙ. ඒ සංවේගයෙන් ලියවුන පද පෙලක්. දෙන්නාටම යන්න විදිහක් නැහැ තව පුතාල දෙන්නෙක් ගෙදර නිසා. අයියා කලින් ගිහින් නිසා මට මේ අවස්ථාව දුන්නා. ඒ උනාට හිත බරයි.

    ReplyDelete
  12. හ්ම්ම්..හරිම ලස්සන පද ටිකක්.....

    ReplyDelete
  13. ඇත්තටම අපූරු කවි පෙලක්..

    ReplyDelete
  14. හැඟීම්බර කවි පෙළක්!

    ReplyDelete
  15. @ හිරු හිමාවී;
    ස්තූතියි! දුව.

    ReplyDelete
  16. @ ලහිරු;
    ස්තූතියි! ලහිරු පුතා. ඔන්න ඉතින්, ඔයාවත් මතක් කරමින් වඳින්නම්.

    ReplyDelete
  17. @ ලහිරු;
    ස්තූතියි! ලහිරු පුතා. ඔන්න ඉතින්, ඔයාවත් මතක් කරමින් වඳින්නම්.

    ReplyDelete
  18. සෙනහස නම් හිතට බරකි - ඒත් සුවයකි - කඳුලකි - ඒත් සැනසුමකි..

    ReplyDelete
  19. මටත් දැනෙන්නේ දෙමව්පියන්ට අන්තමේ ඉතිරිවන්නේ දරුවන්ගෙන් දුක සහ වේදනාව විතරයි කියල. සැබැව එයම තමයි.

    ReplyDelete
  20. @ තිස්ස දොඩංගොඩ;
    ස්තූතියි! තිස්ස. සෙනෙහස මහ බරක්ම තමා.

    ReplyDelete
  21. @ දයානන්ද රත්නායක;
    ස්තූතියි! දයානන්ද. ඒක ඇත්ත මහත්තයා සහ දරුවො දාල කොහේවත් නොගිය මට මේ වෙන්වීම හරිම අමාරුයි. කොහොම ඒ දින කීපය ගෙවෙයි ද මන්දා. කොහොම උනත් මෙහි සටහන් තබන්න විස්තර නම් එකතුවෙයි දඹදිව වන්දනාව.

    ReplyDelete
  22. කවි ලියන්න නම් මා ලැබ නැත.එත් මම කිවයෙව්වා ඔබේ නිර්මාණය ඔබට තේරුවන් සරණයි!

    ReplyDelete
  23. @ Gayani;
    බොහොම ස්තූතියි! ගයනි. කවිය......... ඔබ දිගටම ලියනවිට ඉබේම අදහස් ඒවි ගයනි. ඒක අහම්බෙන් හිතට ඒවි. කවුරුත් හිතල නිර්මාණ කරන්නෙ නෑ මම දන්න විදිහට. මම මේ දේ ලියනවා කියල නම් කවි ලියන්න බැහැ අනෙක් සටහන් වගේ. තෙරුවන් සරණයි! ආයෙ හමු වෙමු.

    ReplyDelete
  24. Thank you for your thoughtful present of having written this article. The message seems to be given to me specifically. Our son also had a lot to learn from this – though he was the individual that found your site first. Most of us can't imagine a more superb present than a gift to encourage that you do more.

    ReplyDelete
  25. හ්ම්ම්.. හරිම ලස්සන වෙනස් විදිහක නිර්මාණයක්.. නියමයි අක්කේ.

    ReplyDelete
  26. ලස්සනම ලස්සන නිසඳැසක් ආසයි ඒකට.. :)

    ReplyDelete
  27. @ චන්දන;
    බොහොම ස්තූතියි මල්ලි මේ පැත්තෙ ආවට. සාදරෙන්ම පිළිගන්නවා ඔයාව.

    ReplyDelete
  28. @ diyakandura ;

    බොහොම ස්තූතියි! රවින්දි, මේ පැත්තෙ ආවට. සාදරෙන්ම පිළිගන්නවා ඔයාවත් මේ අඩවියට. මාත් කවියට ආසා නිසාමයි ආවෙ ඔයාගෙ සටහනට.

    ReplyDelete
  29. ඒ සෙනෙහස මිල කරන්න බෑ මේයි කියලා...දෙමාපියන්ගෙන් අපිට ලැබෙන්නේ අමිල සෙනෙහසක්...දෙමාපියොත් එහෙමයිනේ දරැවන්ට...

    ReplyDelete
  30. හරිම ලස්සන කවි පෙළක්.. අදමයි මේ පැත්තේ ආවේ...

    ReplyDelete
  31. ලස්සනයි කවි පෙළ අක්කේ.

    ReplyDelete
  32. @ රතී, ඒක ඇත්ත.
    මේ සෙනෙහස ස්වාමියා හා බිරිඳ අතර සෙනේහයක් ගැන මල්ලි.

    ReplyDelete
  33. @ ප්‍රාර්ථනා ,
    මුලින්ම සෙනෙහසින්ම පිළිගන්නවා ඔයාව සිතුවිලි උයනට. ගොඩක් ස්තූතියි! මේ අඩවියට ගොඩ වැදුනට. ඔයාගෙ බ්ලොග් එකට ආව. ලස්සනයි හිමිහිට වචනයක් ලියන්නම්. කවි කාරියක් නේද?

    ReplyDelete
  34. @ ප්‍රියන්ත මල්ලි ,
    මුලින්ම සෙනෙහසින්ම පිළිගන්නවා ඔයාව සිතුවිලි උයනට. ගොඩක් ස්තූතියි! මේ අඩවියට ගොඩ වැදුනට. ඔයාගෙ සටහන් කියවන්න බලා ඉන්නවා මල්ලි.

    ReplyDelete
  35. කව්ද කිව්ව වගේ තනි ඇහැට නේ ඇඩිල තියෙන්නේ.. ජය..

    ReplyDelete
  36. @ දේශකයා;
    තනි ඇහෙන් අඬන අයත් ඉන්නව යැ දේශක තුමා. මං වැරදි පින්තුරෙ දාල ද? ස්තූතියි ! අපේ පැත්තෙ ආවට. පිළිගන්නවා ආයුබෝවන් කියල සෙනෙහසින්ම.

    ReplyDelete
  37. @ දේශකයා;
    තනි ඇහෙන් අඬන අයත් ඉන්න ව යැ දේශක තුමා. ඒ කියන්නෙ මං වැරදි පින්තූරෙ දාල නේද? ස්තූතියි! මේ පැත්තෙ ආවට. පිළිගන්නවා ආයුබෝවන් කියල සෙනෙහසින්ම.

    ReplyDelete
  38. @ රතී, ඒක ඇත්ත.
    මේ සෙනෙහස ස්වාමියා හා බිරිඳ අතර සෙනේහයක් ගැන මල්ලි.

    හෆොයි...මම මූණ හංගගත්තා මටවත් මාව නොපෙනයිද බලන්න...හෙහෙ...මට මතක් වෙනවා ලක්ෂ්මන්ගේ ගීතයක් ..ඒකත් හරි යයි වගේ මේ සෙනෙහසට..සොඳුර ජීවිතයේ ලඟම හිතමිතුරියයි...වරෙක ඇය මට මගේ වැදූ මව හා සමයි...

    ReplyDelete
  39. ලස්සන ම කවියක් නැන්ෙද්..
    අෙගයි.අපූරුයි!

    ReplyDelete
  40. @ වර්ෂා;
    ආ...වර්ෂා දුව කාලෙකට පස්සෙ ඇවිත්, කොහෙද ? අප්පේ හිටියෙ. විභාග හොඳින් කලාද? දැන් බ්ලොග් ලියන්නෙ නැත්ද?

    ReplyDelete
  41. ලොඩාක් ලස්සනයි. මම උනුසුම් විදිහට සුබ පතනවා. මගේ බ්ලොග් අඩවි වලටත් එන්න කියලා මෙහි සිටින සියළු දෙනාමට ආදරයෙන් ආරාධනා කරනවා. සිංහල භාෂාවෙන් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා ටයිප් කරලා ඕකේ කලාම වගේ වෙබ් සයිට්ස් සේරම පෙන්නනවා. ඔය ගොල්ල කැමති ඒවා බලලා මට ගුණ දොස් කියන්න 0718064226 මගේ මොබයිල් එක

    ReplyDelete

Post a Comment

Popular posts from this blog