සෙනෙහස!
කෙතක් වෙලා කුස පිරුවා
වැවක් වෙලා පවස නිවා
අහස වගේ සෙවන සදා
වෙසතුරු සේ දනින් පුදා
ඒ සෙවනේ පහස ලබා
අපි සැම පෝශණය වුනා
මහා විසල් රුකක් වෙලා
අව්වැසි සැම එතෙර කලා
මවත් වෙලා පියත් වෙලා
ලොබක් නැතිව සෙනෙහස පා
ලොවම ගෙනත් පා මුලෙහි තබා
දුන්න සෙනෙහෙ මහමෙරක් වෙලා
හදවත තුල නිදන් වෙලා
වැතිර නිදයි බරක් වෙලා
දෙනෙත් පුරා ඉතිර ගලා
කඩා වැටේ කඳුල වෙලා
ලස්සන කවි පෙලක්..
ReplyDeleteඅන්තිම කවිය නම් ගොඩක් දැනුනා..
මට නම් දැනුනේ දෙමව්පියන්ගෙන් ලැබෙන සෙනෙහස ගැන ලියවිලා කියල!
ReplyDeleteබොහොම ලස්සන අදහසක්!:)
සිතිවිලි උයනට සෑහෙන දවසකින් ගොඩ වැදුනා
ReplyDeleteලස්සනයි !!
ලස්සනයි.ඒත්..
ReplyDelete@ රූ.........
ReplyDeleteබොහොම ස්තූතියි රූ.
@ නුවන්;
ReplyDeleteනැහැ නුවන්, මේ .... අපේ මහත්තයා ගැන ලියවුනක්. ගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.
@ අවතාරේ ;
ReplyDeleteගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.
@ ධමිමික සදරුවන් ;
ReplyDeleteඒත්...........?
ගොඩක් ස්තූතියි! මේ පැත්තෙ ආවට.
අපූරු කවි පෙළක්... ලස්සණයි...
ReplyDeleteසෙනෙහෙබර කවි පෙල, අන්තිම කවි පන්තිය ගොඩාක් දැනුනා.
ReplyDelete@ අලුත් මල්ලී,
ReplyDeleteබොහොම ස්තූතියි! මල්ලි මේ පැත්තෙ ඇවිත් අදහස් දැක්වූවාට.
@ ගල්මල්;
ReplyDeleteබොහොම ස්තූතියි! ඩීන් මල්ලි, අයියා නැතිව දඹදිව වන්දනාවෙ යන්නයි හදන්නෙ. ඒ සංවේගයෙන් ලියවුන පද පෙලක්. දෙන්නාටම යන්න විදිහක් නැහැ තව පුතාල දෙන්නෙක් ගෙදර නිසා. අයියා කලින් ගිහින් නිසා මට මේ අවස්ථාව දුන්නා. ඒ උනාට හිත බරයි.
හ්ම්ම්..හරිම ලස්සන පද ටිකක්.....
ReplyDeleteඇත්තටම අපූරු කවි පෙලක්..
ReplyDeleteහැඟීම්බර කවි පෙළක්!
ReplyDelete@ හිරු හිමාවී;
ReplyDeleteස්තූතියි! දුව.
@ Dinesh ;
ReplyDeleteස්තූතියි! Dinesh.
@ ලහිරු;
ReplyDeleteස්තූතියි! ලහිරු පුතා. ඔන්න ඉතින්, ඔයාවත් මතක් කරමින් වඳින්නම්.
@ ලහිරු;
ReplyDeleteස්තූතියි! ලහිරු පුතා. ඔන්න ඉතින්, ඔයාවත් මතක් කරමින් වඳින්නම්.
සෙනහස නම් හිතට බරකි - ඒත් සුවයකි - කඳුලකි - ඒත් සැනසුමකි..
ReplyDeleteමටත් දැනෙන්නේ දෙමව්පියන්ට අන්තමේ ඉතිරිවන්නේ දරුවන්ගෙන් දුක සහ වේදනාව විතරයි කියල. සැබැව එයම තමයි.
ReplyDelete@ තිස්ස දොඩංගොඩ;
ReplyDeleteස්තූතියි! තිස්ස. සෙනෙහස මහ බරක්ම තමා.
@ දයානන්ද රත්නායක;
ReplyDeleteස්තූතියි! දයානන්ද. ඒක ඇත්ත මහත්තයා සහ දරුවො දාල කොහේවත් නොගිය මට මේ වෙන්වීම හරිම අමාරුයි. කොහොම ඒ දින කීපය ගෙවෙයි ද මන්දා. කොහොම උනත් මෙහි සටහන් තබන්න විස්තර නම් එකතුවෙයි දඹදිව වන්දනාව.
කවි ලියන්න නම් මා ලැබ නැත.එත් මම කිවයෙව්වා ඔබේ නිර්මාණය ඔබට තේරුවන් සරණයි!
ReplyDelete@ Gayani;
ReplyDeleteබොහොම ස්තූතියි! ගයනි. කවිය......... ඔබ දිගටම ලියනවිට ඉබේම අදහස් ඒවි ගයනි. ඒක අහම්බෙන් හිතට ඒවි. කවුරුත් හිතල නිර්මාණ කරන්නෙ නෑ මම දන්න විදිහට. මම මේ දේ ලියනවා කියල නම් කවි ලියන්න බැහැ අනෙක් සටහන් වගේ. තෙරුවන් සරණයි! ආයෙ හමු වෙමු.
Thank you for your thoughtful present of having written this article. The message seems to be given to me specifically. Our son also had a lot to learn from this – though he was the individual that found your site first. Most of us can't imagine a more superb present than a gift to encourage that you do more.
ReplyDeleteහ්ම්ම්.. හරිම ලස්සන වෙනස් විදිහක නිර්මාණයක්.. නියමයි අක්කේ.
ReplyDeleteලස්සනම ලස්සන නිසඳැසක් ආසයි ඒකට.. :)
ReplyDelete@ චන්දන;
ReplyDeleteබොහොම ස්තූතියි මල්ලි මේ පැත්තෙ ආවට. සාදරෙන්ම පිළිගන්නවා ඔයාව.
@ diyakandura ;
ReplyDeleteබොහොම ස්තූතියි! රවින්දි, මේ පැත්තෙ ආවට. සාදරෙන්ම පිළිගන්නවා ඔයාවත් මේ අඩවියට. මාත් කවියට ආසා නිසාමයි ආවෙ ඔයාගෙ සටහනට.
ඒ සෙනෙහස මිල කරන්න බෑ මේයි කියලා...දෙමාපියන්ගෙන් අපිට ලැබෙන්නේ අමිල සෙනෙහසක්...දෙමාපියොත් එහෙමයිනේ දරැවන්ට...
ReplyDeleteහරිම ලස්සන කවි පෙළක්.. අදමයි මේ පැත්තේ ආවේ...
ReplyDeleteලස්සනයි කවි පෙළ අක්කේ.
ReplyDelete@ රතී, ඒක ඇත්ත.
ReplyDeleteමේ සෙනෙහස ස්වාමියා හා බිරිඳ අතර සෙනේහයක් ගැන මල්ලි.
@ ප්රාර්ථනා ,
ReplyDeleteමුලින්ම සෙනෙහසින්ම පිළිගන්නවා ඔයාව සිතුවිලි උයනට. ගොඩක් ස්තූතියි! මේ අඩවියට ගොඩ වැදුනට. ඔයාගෙ බ්ලොග් එකට ආව. ලස්සනයි හිමිහිට වචනයක් ලියන්නම්. කවි කාරියක් නේද?
@ ප්රියන්ත මල්ලි ,
ReplyDeleteමුලින්ම සෙනෙහසින්ම පිළිගන්නවා ඔයාව සිතුවිලි උයනට. ගොඩක් ස්තූතියි! මේ අඩවියට ගොඩ වැදුනට. ඔයාගෙ සටහන් කියවන්න බලා ඉන්නවා මල්ලි.
කව්ද කිව්ව වගේ තනි ඇහැට නේ ඇඩිල තියෙන්නේ.. ජය..
ReplyDelete@ දේශකයා;
ReplyDeleteතනි ඇහෙන් අඬන අයත් ඉන්නව යැ දේශක තුමා. මං වැරදි පින්තුරෙ දාල ද? ස්තූතියි ! අපේ පැත්තෙ ආවට. පිළිගන්නවා ආයුබෝවන් කියල සෙනෙහසින්ම.
@ දේශකයා;
ReplyDeleteතනි ඇහෙන් අඬන අයත් ඉන්න ව යැ දේශක තුමා. ඒ කියන්නෙ මං වැරදි පින්තූරෙ දාල නේද? ස්තූතියි! මේ පැත්තෙ ආවට. පිළිගන්නවා ආයුබෝවන් කියල සෙනෙහසින්ම.
@ රතී, ඒක ඇත්ත.
ReplyDeleteමේ සෙනෙහස ස්වාමියා හා බිරිඳ අතර සෙනේහයක් ගැන මල්ලි.
හෆොයි...මම මූණ හංගගත්තා මටවත් මාව නොපෙනයිද බලන්න...හෙහෙ...මට මතක් වෙනවා ලක්ෂ්මන්ගේ ගීතයක් ..ඒකත් හරි යයි වගේ මේ සෙනෙහසට..සොඳුර ජීවිතයේ ලඟම හිතමිතුරියයි...වරෙක ඇය මට මගේ වැදූ මව හා සමයි...
ලස්සන ම කවියක් නැන්ෙද්..
ReplyDeleteඅෙගයි.අපූරුයි!
@ වර්ෂා;
ReplyDeleteආ...වර්ෂා දුව කාලෙකට පස්සෙ ඇවිත්, කොහෙද ? අප්පේ හිටියෙ. විභාග හොඳින් කලාද? දැන් බ්ලොග් ලියන්නෙ නැත්ද?
ලොඩාක් ලස්සනයි. මම උනුසුම් විදිහට සුබ පතනවා. මගේ බ්ලොග් අඩවි වලටත් එන්න කියලා මෙහි සිටින සියළු දෙනාමට ආදරයෙන් ආරාධනා කරනවා. සිංහල භාෂාවෙන් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා ටයිප් කරලා ඕකේ කලාම වගේ වෙබ් සයිට්ස් සේරම පෙන්නනවා. ඔය ගොල්ල කැමති ඒවා බලලා මට ගුණ දොස් කියන්න 0718064226 මගේ මොබයිල් එක
ReplyDelete