පියුම!



මගේ හද විල පිපුන එකම පියුම නුඹ
සසර සාගරේ පිහිනා එකට ආව නුඹ
සුවද දෙවා ජීවිතයම එකලු කලා නුඹ
සෙනෙහෙ විලේ පිපි මා පියුමිය  නුඹ

ආව මගේ හමුවූ මහ සෙනෙහෙ විලයි නුඹ

ඒ විල මත පිපි පියුමේ සුවඳ මලයි මම
එක්වම ඉන්නට පතලා ආව විලස මම 
සසරේ හමුවූ විලසින් පිපී සැලෙයි මම



ජීවිතයේ දුක් කරදර සතුටින්ම  දරා  අප 
ගෙවුව දවස් මතක තියේ මියෙන තුරා මට
සිනහ පොදක් මුවඟ පුරා දී සෙනෙහෙන් මට
දුක දරාන සිතේ සතුටු  සිනා  මවන නුඹ

ක්ව ගෙවමු මේ දිවි මග සතුටින් සැම දින 

කරදර සැම ඉවස දරා මහා මෙරක් ලෙස
රාග ද්වේශ මෝහ නසා සිත් පිරිසිදු කොට
සසර පතමු එක්ව නිවන කුසල් පුරා අප

Comments

  1. නිසසල විලෙක ජල තලය මත සුපිපි දිලෙන පියුමක ලස්සන උපමා කතාවක්...

    පොඩි සටහනකින් වුනත් මේ සුන්දර පදපෙලට හානියක් වේවි දෝ හිතුනා.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හදවතින්ම ලියු පද වැලක් නේද

    ReplyDelete
  4. කියන්න දෙයක් හිතට නොනැගුනත් පද වැල නම් රස වින්ඳා.

    ReplyDelete
  5. බොහොම තදින්ම කා වැදිලා, ගැඹුරටම ගිහිල්ල ලියපු එකක් විත්තිය හොදටම පේනවා. නියමයි..

    ReplyDelete
  6. @ ගල්මල්-Coral;
    බොහොම ස්තූතියි! ඩීන් මල්ලී.
    අප දිවියේ සොඳුරු මතක.

    ReplyDelete
  7. @ Bindi;
    බොහොම ස්තූතියි! නංගි. ඔව්, ඔව්, එහෙම තමා.

    ReplyDelete
  8. Tharu Arana;
    බොහොම ස්තූතියි! තරු. නොකීව දහසක් දේ දැනුනා.

    ReplyDelete
  9. දේශක ;
    හැමදාම වගේ ස්තූතියි! දේශක තුමා.
    ඒ කියන්නෙ සාර්ථකයි නෙ.

    ReplyDelete
  10. ඒ සසර චාරිකාව තවත් දිගුකලක් දිගු ගමනක් යන්නට ඒ සෙවනැල්ලම ලොකු ශක්තියක් වේවි.

    ReplyDelete
  11. මේ දවස් වල ඉක්මනට බ්ලොග් කියෙවුවට මොකද මේ කවි පෙලනම් දෙපාරක්ම කියෙවුවා..

    ReplyDelete
  12. ඉක්මනින් ම සසර චාරිකාව නිමා කරන්න දෙන්නටම හැකියාව ලැබේවා කියලය් මගේ පැතුම!

    ReplyDelete
  13. @ දයානන්ද රත්නායක;
    ස්තූතියි! දයා මල්ලි. ඒ සෙවනැල්ලම තමයි මගේ ජීවිතේ නිවීම උනේ. කොච්චර හිත කලබලෙන් හිටියත් මාව එයින් මුදවලා සතුටු කරන්න එයාට පුලුවන්.

    ReplyDelete
  14. @ Dinesh ;
    ස්තූතියි! දිනේශ්. කොච්චර අවිවෙකීව හිටියත් ඇවිත් යන එකම ලොකු දෙයක් නෙ.

    ReplyDelete
  15. @ Lahiru Karunarathna;
    ස්තූතියි! ලහිරු පුතා.
    මගේ පැතුම!ත් ඒ නම්, ඒ අයුරින්ම ඉටුවේවා!

    ReplyDelete
  16. මාත් ඇවිත් කියවල රස විඳල ගියා..

    ReplyDelete
  17. ස්තූතියි! චන්දන මල්ලි. මේ ටිකේ නිහඬ ඇයි?

    ReplyDelete
  18. මම කවි සින්දු වලට ආසා කරන කෙනෙක් නෙවෙයි නමුත් මේ පද පෙළ හදවතේ ඇතුලාංතයම සිපගත්තා වගේ හැඟීමක් දැනුනා

    ReplyDelete
  19. @ කොරලේ පුතා;
    ස්තූතියි! මේ පැත්තෙ ආවට. ඔයා සංවේදී කෙනෙක්, එහෙම කෙනා කවි සිංදු වලට ආසා නෑ කිව්වම පුදුමයි.

    ReplyDelete
  20. කාලෙකින් ලිව්වෙ නැත්තෙ ඇයි?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!