වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්රිකානු වෙකුගේ හදවතේ තමන් අප්රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප්රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...
ලෞකික අර්ථයෙන් එක තේරුමක් ගත හැකි
ReplyDeleteඅලෞකික අර්ථයෙන් මේ "සක්කාය දිට්ඨිය" එක්ක කරන සංවාදයක් කියල ගන්නත් හැකි නේද?
ලස්සනයි අක්කෝ.. කාලෙකින් බ්ලොග් පැත්ත මතක් වෙලා තියෙන්නේ..
ReplyDeleteඇත්තෙන්ම යටි අදහස නම් එයමයි තිස්ස මල්ලි. ඔබට ස්තූතියි! මේ අත්හැරීම හැර යන්නේ කොහොමැයි? සිත නිතරම කරදර කරනවා නොවැ. ඇත්තෙන්ම සක්කාය දිට්ඨියම තමා බිඳ දමන්න ඕනෙ.චුල වේදල්ල සූත්රයෙහි මේ සම්බන්ධව පැහැදිලි විස්තරයක් තියෙයෙනවා. රහතුන්ගේ ධර්ම සාකච්ඡා පොතෙහි ඉතාම ලස්සනට මේ සක්කාය කියන්නේ කුමක්ද? එය ප්රහානය කරන්නේ කොහොමද කියල කියැවෙනවා. තෙරුවන් සරණයි!
ReplyDeleteබොහොම ස්තූතියි දිනේශ්. අවිවේකය තමා හේතුව.
ReplyDelete