Thursday, June 26, 2014

ප්‍රේමයේ මාවත



මගෙ හිත ඔබ ලඟ
ඔබෙ හිත මා ලඟ
දෙදෙනා දෙතැනක
පෙම නැවතුන තැන

ඔබ ලඟ මා නැත 
මා ලඟ ඔබ නැත
දෙදෙනට හිමිවූ 
කැදලි දෙකක් ඇත

සෙනෙහස පුද දෙන 
දූ දරුවන් ඇත
පෙම්බර බිරිඳකි
යහපත් සැමියෙකි

රාග හිතක්  නැත 
ද්වේශ හිතක් නැත
මිතුදම පමණක් 
ඉතිරිව ගොස් ඇත

වෙනස් කමක් නැත
හිත් රිදවා නැත
දෙදෙන සැනහෙන 
සෙහෙනෙ විලක් ඇත

සසර බැඳුන බැමි
බිඳලනු නොහැකිව
මතකය පමණක් 
මිහිදන් වනු ඇත

8 comments:

දේශක යා said...

තුරු වැල් බිම් මත
පිණි මල් විසිරේ
සීතල හිරිකඩ
සුළගින් පැතිරේ

උණුසුම් ළය මත
දිවි මල් පීදේ
පීදෙන මල් මත
බඹරුන් බෝසේ

Dinesh said...

ඔබ සිත මා සිත
වෙන්කර
සිතුවිලි සංගිලී පාලම
ඒ මේ අත වැනෙනා
මතකය හිත දවනා..

කසුන්ගේ සිංදුව මතක් වුනා..

Chandi said...

@ දිනේශ්: ස්තූතියි! දිනේශ්.

Chandi said...

@දේශකයා: හා හා මේක නම් දෙශිකාට කිව්ව එකක් නේද?

දයානන්ද රත්නායක said...

න්නාදුනන ලෙසේ මගතොට යළිත හමුවෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස්වෙලා- මේවගේ වෙන්වීම් තුළ සදාකාලික ආදරයක් තියෙනවා. එහෙම නොවුනානම් එතැන මළගෙයක්

මිනිසුන් ජිවත්කරවන දේ මයි ලියවෙන්න ඕනේ. බෙහෙවින්ම සාර්තක කවියක් චාන්දි අක්කේ

Chandi said...

බොහොම ස්තූතියි! දයා මල්ලි. ජීවිතය ජීවත් කරන්නෙ ආදරය, සෙනෙහස මයි නේද? ඒ ආදරය තුල කවදාවත් වෛරයක් උපදින්න විදිහක් නෑනෙ.

සහෝ දර said...

හදවතට දැනෙන නිර්මාණයක් ,දැන් කාලේට නම් නියමෙට ගැලපෙනවා ....

Chandi said...

බොහොම ස්තූතියි! සහොදරයානෙණි.

Post a Comment