පිනි කුසුම



හිත් අහසට වැටෙන පින්නෙන්

විකසිත වෙන ආදර මල
මුදු සුළගේ සැලී දිලෙයි
හිනා පපා ඔබේ දෑසට

පින්න පිපී ඔබේ මුහුණ 
දිලෙයි දිලෙයි නෙක පාටින්
සිපගන්නට හරි ලෝබයි
වියැකේවි ඒ පිනි කැට

රෑ අහසේ රන්තරු කැට 
සේ දිලෙනා ඔබෙ නෙත් යුග
කදුළක් මතුවී පෙනේවි
නික්ම යන්න කලින්ම මට 

 රෑ කළුවර මකාලන්න 
දෙන්න දෙන්න සඳ මුහුණත
සදා ලඟින් රැඳී ඉන්න

සෙනෙහෙ ගඟක් වෙලා ම'සිත

Comments

  1. නියමයි.................. දිගට ම ලියමු.....................

    ReplyDelete
  2. හරිම ලස්සණයි අක්කණ්ඩි . ඔයාගේ නිවී සැනසුන සන්සුන් පදවැල්

    ReplyDelete
  3. @දේශක, ස්තූතියි! දේශකතුමණි.

    ReplyDelete
  4. @ කුරුටු ගෑ ගී පවුර,
    ස්තූතියි! කුරුටු.

    ReplyDelete
  5. @ බින්දි.
    ස්තූතියි! නංගි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!