ඔබ!





සුවඳ පිරුනු ඔබෙ කුටියට ආවා
සුන්දර වසන්තයේ
ඔබෙ පාමුළ මා හදවත පිදුවා
මේ මල් යෞවනයේ
මගෙ මුළු දිවියම කැප කරලා
ඔබ ගේ මාළිගයේ
නැලවී යන්නට සැමදා පැතුවා
මේ පෙම් ඕවිල්ලේ

මවක උනා මට පියෙකු වුනා ඔබ
හැමදා අදරින් මා රැක ගත් නුබ
මා හිස අතගා ඔවදන් දුන් ඔබ
පහන් ටැඹයි මගෙ ජීවිතයේ ඔබ

මම ඔබේම වූවා තරුකඩා
හැලෙන ඒ රාති‍්‍රයේ
දරු සුරතල් මැද දිවිමග ගෙවුනා
කාලය ඉගිල ගියේ
සුන්දර මතක පෙළක් රඳවාලා
අපේම ආදරයේ
සොඳුරු කැදැල්ලක හිමිකාරිය වී
නුබේම රජ දහනේ
සැනහීයන් නුබ සසර පුරාවට
පින් ලැබ මා සිත් යහනාවේ

Comments

  1. සෙනෙහෙබර ගීත කතාවක් වගේ සුන්දරයි මේ පදපෙල. මේ වගේ තව තවත් ලයාන්විත පදපේළි කරන්න ශක්තිය ලැබේවා අක්කේ.

    ReplyDelete
  2. කල් බලා ඇවිත් තව්තිසා දෙසින්
    ගම් දොරේ මගේ පොඩි විමානයේ
    උන් සරාසඳත් අද අගේ නොවේ
    නුඹ අරා සිටී දිවි නිශා තලේ..
    - රොහාන් ශාන්ත බුලේගොඩගේ හඬින්-

    ReplyDelete
  3. @ ගල්මල්-Coral,
    බොහොම ස්තූතියි! ඩීන් මල්ලි. මේ දිරි ගැන්වීම මට ගොඩක් වටිනවා.

    ReplyDelete
  4. @ චේජනා,
    බොහොම ස්තූතියි! නංගියේ. සෙනෙහස පිරුන කැදැල්ලක තියෙන සැනසුම! මෙතෙකැයි කියල නිම කරන්න බැහැ. මමත් ආස ගීතයක්. මේ දිරි ගැන්වීම මට ගොඩක් වටිනවා.

    ReplyDelete
  5. ලස්සනයි අක්කා ...ජීවිතය ලස්සනයි කියල හිතෙන්නේ මේ වගේ දේ දකිද්දී

    ReplyDelete
  6. @ බින්දි,
    අපි ජීවිතේ සුන්දරව දැක්කොත් හැමදම මොන ප්‍රශ්ණය ආවත් නොසැලී අපිට ඉන්න ශක්තිය ලැබෙනවා. ඒක ඇතිකර ගත යුත්තේ තමන්මයි. විඳව විඳවා ඉන්න අවශ්‍ය කෙනා කොපමණ හොදක් උනත් හැමදාම හිතන්නේ වැරදියටමයි. දර්මයේ හැසිරෙන්නා දුක සැප, ලාබ අලාබ, යස අයස, නින්දා ප්‍රශංසා එක ලෙස සම සිතින් විඳ දරා ගන්නවා.

    ReplyDelete
  7. @ ayesha,

    අවකාශයේ සොඳුරු සිතට මම හරිම කැමතියි නංගි. ස්තූතියි! මේ පැත්තට ගොඩ උනාට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!