වනය තුළ යම් තරමට සිසිලසක් ගෙන දෙන වන ගහනයක් තුලට අපි පිවිසියෙමු. කොල පැහැති විශාල ගස් එකිනෙකට ලංව පිහිටා තිබිණ . සැම්බීසි ගං කොමලිය පැත්තකින් නිහඬ ව ගලා බසී. සරුසාර පස නිසා මේ දෙපස විශාල ලෙස ගස් පිහිටා තිබේ . සැම්බියානුවන් වශයෙන් අපි අපේ රට ගැන ආඩම්බර වීමු . මේ නිසාම විදේශිකයන් මේ නගරයන් හි සංචාරකයින් ලෙස ගැවසෙන බැවින් අප රටට විශාල විදේශ විනිමයක් ලැබුණි . ගහකොළ ට ආදරය කිරීමේ පුරුද්දත් , ඒවා රැක ගැනීමේ පුරුද්දත් අපිට පාසැලේ විෂයයන් තුළින් ම ලැබුණි . සෑම අප්‍රිකානු වෙකුගේ හදවතේ තමන් අප්‍රිකානු වෙකු බවට අභිමානයක් තිබේ . ඒ හැඟීම අපේ ලේ තුලට කිදාබැස තිබේ . කළු පැහැති සමත් , හැඩිදැඩි ශරීර ශක්තියක් ඇතියවුන් ලෙස අප්‍රිකානු වන් සැලකේ . පිටතින් අපි එසේ වූවත් බොහෝ දෙනෙක් සංවේදී සිත් ඇති අය බව ඔබට කිව යුතුය . ඈතින් අලියකු ගේ හිසක් මතුවිය . ඒ අනුව අලි රංචුවක් ලග ලගම ඇති බවට සළකුණු විය . අරුමයක් නොවේ. අලි ඇතුන් විස්සක් පමණ වනයෙන් එළියට ආවේ අපි නොසිතූ පරිද්දෙනි . "ෂා.. ඒක පුදුම දර්ශනය ක්. ලංකාවේ අපිට මෙහෙම දකින්න වෙන්නේ නෑ." මලීෂා ගේ පියා විමතියෙන් කීවේය . මද වේලාවක් අපි ඒ ...
සෙනෙහෙබර ගීත කතාවක් වගේ සුන්දරයි මේ පදපෙල. මේ වගේ තව තවත් ලයාන්විත පදපේළි කරන්න ශක්තිය ලැබේවා අක්කේ.
ReplyDeleteකල් බලා ඇවිත් තව්තිසා දෙසින්
ReplyDeleteගම් දොරේ මගේ පොඩි විමානයේ
උන් සරාසඳත් අද අගේ නොවේ
නුඹ අරා සිටී දිවි නිශා තලේ..
- රොහාන් ශාන්ත බුලේගොඩගේ හඬින්-
@ ගල්මල්-Coral,
ReplyDeleteබොහොම ස්තූතියි! ඩීන් මල්ලි. මේ දිරි ගැන්වීම මට ගොඩක් වටිනවා.
@ චේජනා,
ReplyDeleteබොහොම ස්තූතියි! නංගියේ. සෙනෙහස පිරුන කැදැල්ලක තියෙන සැනසුම! මෙතෙකැයි කියල නිම කරන්න බැහැ. මමත් ආස ගීතයක්. මේ දිරි ගැන්වීම මට ගොඩක් වටිනවා.
ලස්සනයි අක්කා ...ජීවිතය ලස්සනයි කියල හිතෙන්නේ මේ වගේ දේ දකිද්දී
ReplyDeleteඅපූරුයි යාළු
ReplyDelete@ බින්දි,
ReplyDeleteඅපි ජීවිතේ සුන්දරව දැක්කොත් හැමදම මොන ප්‍රශ්ණය ආවත් නොසැලී අපිට ඉන්න ශක්තිය ලැබෙනවා. ඒක ඇතිකර ගත යුත්තේ තමන්මයි. විඳව විඳවා ඉන්න අවශ්‍ය කෙනා කොපමණ හොදක් උනත් හැමදාම හිතන්නේ වැරදියටමයි. දර්මයේ හැසිරෙන්නා දුක සැප, ලාබ අලාබ, යස අයස, නින්දා ප්‍රශංසා එක ලෙස සම සිතින් විඳ දරා ගන්නවා.
@ ayesha,
ReplyDeleteඅවකාශයේ සොඳුරු සිතට මම හරිම කැමතියි නංගි. ස්තූතියි! මේ පැත්තට ගොඩ උනාට.