ප්‍රේමයේ මාවත
මගෙ හිත ඔබ ලඟ
ඔබෙ හිත මා ලඟ
දෙදෙනා දෙතැනක
පෙම නැවතුන තැන
ඔබ ලඟ මා නැත
මා ලඟ ඔබ නැත
දෙදෙනට හිමිවූ
කැදලි දෙකක් ඇත
සෙනෙහස පුද දෙන
දූ දරුවන් ඇත
පෙම්බර බිරිඳකි
යහපත් සැමියෙකි
රාග හිතක් නැත
ද්වේශ හිතක් නැත
මිතුදම පමණක්
ඉතිරිව ගොස් ඇත
වෙනස් කමක් නැත
හිත් රිදවා නැත
දෙදෙනම සැනහෙන
සෙහෙනෙ විලක් ඇත
සසර බැඳුන බැමි
බිඳලනු නොහැකිව
මතකය පමණක්
මිහිදන් වනු ඇත
තුරු වැල් බිම් මත
ReplyDeleteපිණි මල් විසිරේ
සීතල හිරිකඩ
සුළගින් පැතිරේ
උණුසුම් ළය මත
දිවි මල් පීදේ
පීදෙන මල් මත
බඹරුන් බෝසේ
ඔබ සිත මා සිත
ReplyDeleteවෙන්කර
සිතුවිලි සංගිලී පාලම
ඒ මේ අත වැනෙනා
මතකය හිත දවනා..
කසුන්ගේ සිංදුව මතක් වුනා..
@ දිනේශ්: ස්තූතියි! දිනේශ්.
ReplyDelete@දේශකයා: හා හා මේක නම් දෙශිකාට කිව්ව එකක් නේද?
ReplyDeleteන්නාදුනන ලෙසේ මගතොට යළිත හමුවෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස්වෙලා- මේවගේ වෙන්වීම් තුළ සදාකාලික ආදරයක් තියෙනවා. එහෙම නොවුනානම් එතැන මළගෙයක්
ReplyDeleteමිනිසුන් ජිවත්කරවන දේ මයි ලියවෙන්න ඕනේ. බෙහෙවින්ම සාර්තක කවියක් චාන්දි අක්කේ
බොහොම ස්තූතියි! දයා මල්ලි. ජීවිතය ජීවත් කරන්නෙ ආදරය, සෙනෙහස මයි නේද? ඒ ආදරය තුල කවදාවත් වෛරයක් උපදින්න විදිහක් නෑනෙ.
ReplyDeleteහදවතට දැනෙන නිර්මාණයක් ,දැන් කාලේට නම් නියමෙට ගැලපෙනවා ....
ReplyDeleteබොහොම ස්තූතියි! සහොදරයානෙණි.
ReplyDelete