ප්‍රේමයේ මාවත



මගෙ හිත ඔබ ලඟ
ඔබෙ හිත මා ලඟ
දෙදෙනා දෙතැනක
පෙම නැවතුන තැන

ඔබ ලඟ මා නැත 
මා ලඟ ඔබ නැත
දෙදෙනට හිමිවූ 
කැදලි දෙකක් ඇත

සෙනෙහස පුද දෙන 
දූ දරුවන් ඇත
පෙම්බර බිරිඳකි
යහපත් සැමියෙකි

රාග හිතක්  නැත 
ද්වේශ හිතක් නැත
මිතුදම පමණක් 
ඉතිරිව ගොස් ඇත

වෙනස් කමක් නැත
හිත් රිදවා නැත
දෙදෙන සැනහෙන 
සෙහෙනෙ විලක් ඇත

සසර බැඳුන බැමි
බිඳලනු නොහැකිව
මතකය පමණක් 
මිහිදන් වනු ඇත

Comments

  1. තුරු වැල් බිම් මත
    පිණි මල් විසිරේ
    සීතල හිරිකඩ
    සුළගින් පැතිරේ

    උණුසුම් ළය මත
    දිවි මල් පීදේ
    පීදෙන මල් මත
    බඹරුන් බෝසේ

    ReplyDelete
  2. ඔබ සිත මා සිත
    වෙන්කර
    සිතුවිලි සංගිලී පාලම
    ඒ මේ අත වැනෙනා
    මතකය හිත දවනා..

    කසුන්ගේ සිංදුව මතක් වුනා..

    ReplyDelete
  3. @ දිනේශ්: ස්තූතියි! දිනේශ්.

    ReplyDelete
  4. @දේශකයා: හා හා මේක නම් දෙශිකාට කිව්ව එකක් නේද?

    ReplyDelete
  5. න්නාදුනන ලෙසේ මගතොට යළිත හමුවෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස්වෙලා- මේවගේ වෙන්වීම් තුළ සදාකාලික ආදරයක් තියෙනවා. එහෙම නොවුනානම් එතැන මළගෙයක්

    මිනිසුන් ජිවත්කරවන දේ මයි ලියවෙන්න ඕනේ. බෙහෙවින්ම සාර්තක කවියක් චාන්දි අක්කේ

    ReplyDelete
  6. බොහොම ස්තූතියි! දයා මල්ලි. ජීවිතය ජීවත් කරන්නෙ ආදරය, සෙනෙහස මයි නේද? ඒ ආදරය තුල කවදාවත් වෛරයක් උපදින්න විදිහක් නෑනෙ.

    ReplyDelete
  7. හදවතට දැනෙන නිර්මාණයක් ,දැන් කාලේට නම් නියමෙට ගැලපෙනවා ....

    ReplyDelete
  8. බොහොම ස්තූතියි! සහොදරයානෙණි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!