පහුගිය සති අන්තයේ කෑගල්ලෙ නැන්දලාගෙ ගෙදර ගියා . එහෙදී බාසුරු මල්ලිගෙ පොත් රාක්කයෙ තිබිලා බිඳුණු බිළින්දා නම් පොත හමූවුනා . ( “Damaged” Written by CATHY GLASS ) පිට කවරයේ කතාව කියෙව්වම මට ඒ පොත ඉල්ලා ගෙන කියවන්නට හිතුනා. පොතේ ලේඛිකාව කැතී ග්ලාස් නම් වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් . පරිවර්ථනය දිලීප ජයකොඩි මහතාගෙ. මෙය මගේ හද සසල කලේ මමත් කැපකරු මවක් ලෙස කාලයක් දරුවන් තිදෙනෙකුටත් , අප පවුලට සම්බන්ධ අපගේ සේවක සේවිකාවන්ගේ දරුවන්ට අදටත් අසීමිතව දයාවෙන් පිහිට වෙන නිසාද, කියල කියන්නට දන්නේ නැහැ. කොහොම උනත් මෙය මගේ හදවත අතිශයින්ම කම්පා කල කතාවක් බව කියන්නම ඕනෙ. පොතේ පසුපිටේ ලියා තිබුනේ, ඔබ විස්වාස කරන්න. අකමැති වුවත් විස්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යනතුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහැරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පාකරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ. මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි. අනේ මේ අසරණියට මේසා දුක් වේදනා දුන් ඒ පාපතරයන්ට සාපම වේවා කියමින්ම තමයි පොත කියව