Posts

Showing posts from August, 2011

සොඳුරියේ!

Image
සොඳුරියේ! බිළිඳු මුවක කිරි සිනහව රැඳු න ඔබේ තොල් පෙති මත මුව තියන්න ආසයි මට සොඳුරියේ මල් යායෙම සුවඳ අරන් සුවඳ රෝස මලක් වෙලා ඔබේ වතට සුවඳ දෙන්න ආසයි මට සොඳුරියේ සීතල හිම සීත අරන් පවන් රොදක පැටළිලා ඔබේ වතේ දැවටෙන්නට ආසයි මට සොඳුරියේ මේකුළු සේළයක් වෙලා හීන් සැරේ වත එතිලා හිමින් ළයට තුරුල් වෙලා තරු කැටයක දිස්නෙ අරන් ඔබෙ නෙතු යට හැංගීලා ආසයි මට හැඩ බලන්න මගෙ ආදර සොඳුරියේ පාට පාට මල් ගොමුවක දොඩමළුවී ඔබෙ අත ගෙන දේදුනු පාළමෙන් එගොඩ අනන්තයේ සොඳුරු ලොවක මල් යායක සැතපීලා සෙනෙහස් මිණි කිරුළ දරා අපේම ලොව තනිවෙන්නට ආසයි මට සොඳුරියේ
Image
මගේ උරුමය! ලා දළු බෝ පත් සැලි සැලි සුළගේ සෙත් පිරිතක් අප සැමට ගයනවා සිත සනසන්නට මේ පින් දෙරණේ ව්කසිත කුසුමන් සුවඳ හමනවා සමන්ගිරේ සිට එන මුදු සුළඟයි අනුරපුරේ ඇති මහ බෝ සෙවනයි දළඳා සිරියෙන් ඇළලෙන නුවරයි මහියංගනයේ බුදු පා පහසයි දකින දකින තැන වෙහෙර ව්හාරයි හද සනසාලන දම්සක් සුතුරයි නිබඳ කෙරෙන දන් පින් බෝමයි උපන් බිමේ මේ හැම දේ උරුමයි පෙර සංසාරේ කල පින් බෝමයි එ පින් බලෙන් ඉපදුනෙ ලක්බිම මයි සදා රකින්නට ඒ බිම උරුමයි නිවන් ලබන්නට හැකි නම් මෙහිමයි