Posts

Showing posts from May, 2011

සිත් විල ඉවුරට පෑයූ සඳ!

Image
සිත්විල ඉවුරට සඳක් පායලා සඳකැන් දහරින් මසිත නැහැවිලා සැනසෙන්නට ඒ සඳ දිය දහරේ යදමින් බැඳිලා පතිකුළ සිරිතට කවදාවත් නොදැනුන ලෙස හද විල් දිය පිනා ගිහින් නෙතඟ බැලූමි කෙළිකවට සිනා සොරොව් කටින් පිටවාන් දමන් පෙමි සිතුව්ළි පහල වෙලා අමතකවී බෝසත්කමි පළමු පෙමට දුන්න තිතට යළි පනදෙනු නොහැකි නිසා නෙත්මානෙන් එපිට ගිහින් මට ඉන්නට වෙලා සඳේ අමතක කර දමා සිතින් අපේ පැරණි ලෙන්ගතුකම් මුහුදු හතක් එහා ලොවෙන් සුදු සඳරැස් ගලා ඇවිත් විල් පියුමන් නටන විලේ දියරැලි පෙළ මට වැඩියෙන් පින් පුරවා බලා ඉදින් සෙනෙහස පුදා මහ සාගරය ලෙසින් රැකගෙන එදා මා

සමුගත් සොඳුරිය!

Image
සමුගත් සොඳුරිය! හිම මෙන් සීතල නුඹේ පා මත සුදු රෝස මල් කළඹක් තබා සමුගන්නෙ කෙලෙසද සොඳුරියේ අද දෙනෙත තෙත් වී කඳුළු වෑහී හඬා වැටෙනා මගේ ලෝකය එදා මෙදා තුල සොඳුරු අතීතය මතකය පමනක් ඉතිරි වෙලා මට රිදවන හදවත කෙලෙස දරන්නද හෙට පායන හිරු කෙලෙස දකින්නද නිවී ගිහින් මගෙ ජීවිත පහනම පටාචාරාව ලෙස ආවා මතකයි දෙමාපියන් සැම අත් හැරදා නුඹ සැනසී ඉන්නට මා තුරුලේ දෛවය කෙතරම් රුදුරු ද සොඳුරිය සුවඳක් පමණයි ඉතිරි උනේ මට මතු අත් භවයට පෙරුම් පුරන්නට එපා කියා මට සසර දුකම දී නුඹ නිවා ගියෙද ඒ හිරු පහනම කියන්න සොඳුරියෙ මුදු තොල් විදහා මන්දහාස නුඹේ සිනහව පාලා සමුගන්නට පෙර මගේ ලෝකයෙන්

පින්බර වෙසක්!

Image
ඔබ සැමට සම්බුදු හිමි සරණ ලැබෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

වෙසක් අසිරිය!

Image
වෙසක් අසිරිය! සිල් සුවඳයි අද මේ ලුම්බිණියේ මායා දේවිය ගිමන් නිවන්නේ පින්වත් පුතෙකුයි ලොවට බිහි වුනේ සියපත් හතකයි පියවර මැන්නේ සඳරැස් වැටිලා ගයා තීරයේ ඇසතු රුක මුලයි හිමි වැඩ සිටියේ මරසෙන් පරදා බුදුබව ලැබුවේ සදහම් සිසිලයි ලොවටම බෙදුවේ මල්ල රජුන්ගේ ඒ සල් උයනේ බුදුහිමි සුවසේ වතිරී සිටියේ මල් වැසි වස්සා ලොවම කැළබුනේ ඒ වෙසඟේ පිරිනිවන සිදුවුනේ දෙදහස් හයසිය වසරක් ගෙවිලා සම්බුදු දහමින් ලොවම බැබලුනා සැමදා සැම සිත් සැනසුම ලැබුවා නිවන් මගේ සැම පියවර මැන්නා

සොඳුරු මතක සටහන්.6

අහස් යානාව උඩට නංවල ටික වෙලාවක් යනකොට ඔන්න කිවුව අප් ‍ රිකාවෙ උසම කන්ද වන කිලමන්ජාරෝ කන්ද පේනව කියල . ජනේලයෙන් ලස්සනට පේනව යන්තමට හිම වැටිච්ච කන්ද . අපි තුන් දෙනාටම ඉවසිල්ලක් නැහැ ඒක බලන්න . මට යන්තම් ටිකක් හොඳයි වගෙ කැරකිල්ල . තව ටික වෙලාවකින් අම්මල ලගට යනව නේද කියල හිතෙනකොට හරිම සතුටුයි . පැය දෙකහමාරක් වගේ ගමන . කෑම ගෙනාවා , බීම ගෙනාව ඒව එච්චර වගක් නැහැ අපිට . මේ ටික යනකල් ඉවසිල්ලක් නැහැ . අම්මලට මොනවද ගේන්නෙ කියල ඇහුවම මට අද වගේ මතකයි මගේ චූටි නංගි අම්මට කියල ලියවල තිබුන එයාට බෝනික්කෙක් ගේන්න කියල . දැන් යන්තමට කතා කරන්න පුලුවන් , හොදට ඇවිදිනව කියල අම්ම අපිට ලියල තිබුන . මල්ලිය නම් දැන් ටිකක් ලොකු ඇති . ඔන්න ඉතින් දැන් බහින වෙලාව . ටිකක් කලුවර වැටෙන්න ලගයි . මද අදුරෙ යන්තම් ලයිට් එලි පත්තු වෙන ලුසාකා නගරය හරිම ලස්සට පේනව උඩට . අම්මල දැන් ඇවිත් ඇති . ඒ කාලෙ ගුවන් සේවිකාවො හරිම හොදයි . කරුණාවන්තයි . ළගටම ඇවිත් බලනව අපි ගුවන් යානාවෙ ආරක්ෂක පටි පැළදගෙනද කි