සුන්දර මතක දිගේ
අපි විවාහ වෙලා මේ ඔක්තෝම්බරයට අවුරුදු හතලිස් දෙකක්. ඉතිං එයින් අවුරුදු තිස් හතක් ඔයා මාත් එක්ක ආදරෙන් හිටිය. එක්තරා වෙසක් දවසක සැම්බියාවේ , ලුසාකා නගරයේ පුරා හඳ පිරි හැන්දෑවක මගෙ අත ඉල්ලපු ඔයා හැමදාම ආදරෙන් ඒ අත අල්ලාගෙන හිටියෙ බොහොම ආදරෙන්. අපි දෙන්නටම අපේ අත් මඟහැරුණේ නෑ එකම දවසක් වත්. එහෙ ඉන්නැත්දි , හැම තැනම ක්‍රිකට් මැච් වලට පවා අපි ගියෙ එකට. බබාල ලැබෙන්න ඉන්නැත්දි උනත් ඒ අමාරුකම් විඳගෙන මම හිටියෙ ඔයා එක්ක. පැවිලියන් එකේ මම වාඩිවෙලා ඉන්නැත්දි මගේ ලඟින්ම වහලෙ කඩන් වැටෙන්න ගැහුව හයේ පාරවල් මම ආඩම්බරෙන් බලා හිටිය. අදටත් පුදුමයි මට තුවාලයක් නොවී ඔයා එහෙම කරපු හැටි. පුතාල එක එක්කෙනා එකතුවෙත්දි අපේ පවුලට ඔයාගෙ ආදරේ කවදාවත් බෙදුනෙ නෑ. මට තිබුන ආදරේ ගරුත්වය සෙනෙහස හැමදාම එක ලෙස ඔයා ආරක්ෂා කලා. අපි අප්‍රිකාවේ හැම තැනම ඇවිද්දා. සමහර ගමන් මගෙ ජීවිතයේ ලස්සනම මතක. ඒ හැම මතකයක්ම මගේ ලෝකෙම සුන්දර කලා. හැම ගමනකදිම මාව දරුවන්ව සුව පහසුවෙන් තියන්න ඔයා උපරිමයෙන් උත්සාහ කලා. රැකියාව , ක්‍රිකට් එක්ක ඔයා කොච්චර කාර්ය බහුල උනත් අපේ හ...