Posts

Showing posts from June, 2017

තරුණයි අපේ පෙම!

Image
ලා සඳ  රැස් රටා මවන  මේ මැණික් ගං දෑල හමන  මද පවන් රැල්  සිසිලසේ දැවටි දැවටී  මා හිස පිරි මදින  ඔබේ අතැඟිලි  දිගු කෙහෙරැලි  අතර  හිමි හිමින් නිවයි මා සිත් සයුර ආදරෙන් වෙලි වෙලී  නිල් තරු වියන යට දිලි දිලී  නැගන මැලවෙන  කලා මැදිරි එළි දකින  මනරම් රාත්‍රියක  රැය පුරා කොදුරමින්  අප දිවියේ මග හසර ඔබ දෙපා මත හිස හොවාන  සෙනෙහසින්  ඔබෙ මැණික  සුව විදී මා හිමිගෙ  සෙනෙහෙ ගං දියෙ තෙමී නොමියෙනා මේ රැය පුරා  නිදි නොමැති අප දෑස පිරිමදින මැණික් නදී දිය ගලා යන අපූරුව  වැදි වැදී ගං ඉවුර මේ වනස්පතිය හඬවමින් හඬනගන  අතුපතර  සිළි සිළිය වැදි වැදී ඔබේ උණුසුම සොයන තාමත් තරුණයි  අපේ පෙම කිසිදාක  නොමියෙනා