Posts

Showing posts from 2015

ආදරනීය මලීෂා 4

Image
අපි නිතර පාසැලේ වැඩ කටයුතු වලදී එක්ව සිටින්නටත් , එක්ව  වැඩ  කරන්නටත් පුරුදු වුනෙමු. මගේ ගණිත දැනුම ඇයට දෙන්නටත් ඇගේ භාෂා දැනුම හා විද්‍යා දැනුම මට ලබා දෙන්නටත් නිතර ප්‍රශ්න හා උත්තර සාකච්ඡා කරන්නටත් අපි පුරුදු වුනෙමු. මුවාලේ මහත්මිය ඉතා කරුණාවෙන් අප හට අවශ්ය‍ය දැනුම ලබා දෙන ලදී. පාසැලේ බාහිර ක්‍රියාකාරකම් සඳහා මම පා පන්දු ක්‍රීඩාවත් , ඇය දැල් පන්දු ක්‍රීඩාවත් තෝරා ගැනුණි. සවස් වරුවේ පුහුණුවීම් සඳහා අප දෙදෙනාම එක්ව ක්‍රීඩා පිටිය වෙත ගියෙමු. පාසැලේ අනෙකුත් අප පන්තියේ යහලුවන් ද අප සමඟ මේ සඳහා සහභාගි විය. අපි නොයෙක්වර පාසැල් චාරිකා සඳහා එක්වීමු.  දිනෙක අපි සත්තු වත්ත බැලීමට ගියෙමු. අප රටේ විශාල සත්තු වත්තක් නැත. සතුන් නිදල්ලේ ගතකරණු දැකීම තරම් සතුටක්  අපට  නැත. විශාල වූ වපසරියක සතුන් සඳහා වෙන්වූ අභය භූමි අප රටේ බහුලව දක්නට ලැබේ. බොහෝ යුරෝපීය සංචාරකයන් අප රටට ඇළුම් කරන්නේ මේ අභය භූමි  තුල දක්නට ඇති නිදල්ලේ වෙසෙන විශාල සත්ව ගහනයන් නිසාමය. අට වසරේදී පන්ති චාරිකාව සඳහා අප විසින් තෝරා ගැනුනේ 'මුඩවන්ගා ගාඩ්න්ස්' නම් වූ සත්තු වත්තයි. අද එය දරුවන් සඳහාම වෙන්වූ අධ්‍යාපනි

ආදරනීය මලීෂා 3

Image
මගේ නැගණිය අහිමි වීමෙන් පසුව මගේ දිවිය පාළුවෙන් හා සාංකාවෙන් පිරුණි. දෛනික ජීවිතයේ වැඩ කටයුතු අතර හිරවී සිටි පියාණන්   හා අම්මාත් වෙහෙස ගත්තේ මා ජීවිතය සතුටින් තබන්නට වුවද නිතරම මට මගේ නැගණිය සිහිවී කඳුලු පිරුනු නෙත් ඇතිව සිටින්නට සිදුවිය. මගේ කුඩා කල මතක මහ ගොඩක් මට නැත. අප ජීවත්වූ පරිසරය සරල ලෙස දිවිගෙවන බොහෝ අප්‍රිකානු නිවෙස් වල තිබෙන පරිසරයයි. බොහෝ දෙනෙක් බඩඉරිගු වගා බිම් වල වැඩකරති. මුළු දවසම වෙහෙසී වැඩ කිරීමෙන් ලැබෙන සොච්චම ගෙන සවස් කල නිවෙස් වලට එති. එසේ නැතහොත් තඹ ආකර වල වැඩ කරති. ඒවායේ වැඩ කිරීම දුශ්කර වුවද ලැබෙන වේතනය වගා බිම් වලට වඩා වැඩි හෙයින් ද ලැබෙන පහසුකම් වැඩි හෙයින් ද බොහෝ දෙනාගේ කැමත්ත තඹ ආකර වල වැඩ කිරීමය. අනෙක් පිරිස් නගර බදව වාසය කරමින් ඒ ආශ්‍රිත සාප්පු හා කාර්යාල වලද නිවෙස් වලද වැඩ කරති. ගම්බද ව එක ලඟින් තනා තිබෙන රවුම් පොඩි නිවාස බොහෝ විට එකම නෑදෑයන් පිරිසක් වෙසෙන ඉංග්‍රීසියෙන් "රොන්ඩවෙල්ස්" නමින් හඳුන්වන කුඩා නිවාස වේ. මේවායේ එක් කාමරයක් හෝ වැඩිම දෙකක් ඇත. එහි කුඩා පුටු කිහිපයක් සමඟ කුඩා මේසයකට පමණක් ඉඩ ඇත. බොහෝ විට ඉවුම් පිහුම් කර

ආදරනීය මලීෂා 2

Image
            සිය දෙමාපියන් දැකීමට තම දරු දෙදෙනා ද සමඟ යන මුල්ම  අවස්ථාව මෙය විය. ඉතා දිගු ගමනකට සති ගනනාවක් තිස්සේ වෙහෙස වී සියල්ල සූදානම් කල යුතු විය. මගේ පියාට මේ වන විට වයස අවුරුදු හතක් පමණ විය. තැනිතලා කඳු හෙල් මැදින් ගිය මේ සුන්දර ගමන ඉතා විනෝද ජනක ගමනකි. බසයක කෙදිනක වත් ගමන් කර නොතිබූ ජෙසී නැන්දා මග දිගටම වමනය කරමින් යාම නිසා ආච්චි අම්මාට නිතර අතර මග නැවතුම් පළවල් වල දී ඇය පිරිසිදු කිරීම දුෂ්කර කාර්ය‍යක් වී ඇත. ඉතා වෙහෙසට පත්ව සිටි ජෙසී නැන්දා හා ආච්චි අම්මා ගමනාන්තය වන විට තද නින්දේ පසු විය. මේ ගමන සඳහා පසු කල යුතු නගර කිහිපයකි. එනම් කබ්වේ , කපිරිම්පෝශි , ම්කූෂි , සෙරෙන්ජි , ම්පීකා , කසාමා , ම්බාලා , හා ම්පුලුන්ගු යන නගරයි. මගේ පියා ඇතුළු පිරිස මහමඟ දින දෙකක් ගෙවා තිබේ. කිලෝමීටර් හත්සියයක් පමණ වන තරම්  දුරක්  ගෙවා පැමිණි තම පුතු හා ලේලිය මහත් හරසරින් ලොකු සීයා ඇතුළු සියළුම නෑදෑයින් විසින් පිළිගෙන තිබේ. මගේ ආච්චි අම්මාව සමහර නෑදෑයින් විසින් දැක තිබුනේම නැත. නමුත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඇයට සෑම කෙනෙක්ම පාහේ ගෞරවය හා ආදරය දක්වන්නට විය. උතුරු ප්‍රදේශයේ ඇති මෙම කුඩ