Posts

Showing posts from August, 2012

තෙරණියකගේ ගීතය

Image
හරිම   ලස්සනයි   ඔබ   හරියට නිල්මහනෙල්   මලක්   වගේ කළුම   කලු   කො න්ඩෙ පිට   මැද   කඩා   දමා නිතඹ   සලමින්   යන   හැඩ නීල   වර්ණ   ඇහි   බැම දේදුන්නක්   වගේම   හැඩයි කන්   පෙති   දෙක   රනින් හදාපු   තෝඩු   වගේ දත්   ටික   කොඳ   කැකුළු   වගේ ඔබේ   වත   හරියට   රැයේ   පිපුණ කඩුපුල්   මලක්   වගේ අත්පා   රනින්   කල පිළිමයක්   වගේ   කියා පෙර   දිනයක මතකද   ඔබ   කීවා   මට බුදුසමිඳුගෙ   පිළිසරණින් පසක්   උණා   ජීවිතය දිරන   මේ   කුණුකයට පෙම්   බැන්දේ   කුමට ජරාවෙන්   දෙදරායන දුකටම   වාස   භවනය   වූ පිළිසකර   කල   නොහැකි කඩා   වැටෙනා   සිරුර දිරා   ගිය   ගෙයක්   ලෙස මහ   පොළව   සිප   ගනී නොඇල්මෙන්   පහන්වී මතු   දිනක   මාරයාට   ලං   නොවී