Posts

Showing posts from June, 2014

ප්‍රේමයේ මාවත

Image
මගෙ හිත ඔබ ලඟ ඔබෙ හිත මා ලඟ දෙදෙනා දෙතැනක පෙම නැවතුන තැන ඔබ ලඟ මා නැත  මා ලඟ ඔබ නැත දෙදෙනට හිමිවූ  කැදලි දෙකක් ඇත සෙනෙහස පුද දෙන  දූ දරුවන් ඇත පෙම්බර බිරිඳකි යහපත් සැමියෙකි රාග හිතක්  නැත  ද්වේශ හිතක් නැත මිතුදම පමණක්  ඉතිරිව ගොස් ඇත වෙනස් කමක්  නැත හිත් රිදවා නැත දෙදෙන ම  සැනහෙන  සෙහෙනෙ විලක් ඇත සසර බැඳුන බැමි බිඳලනු නොහැකිව මතකය පමණක්  මිහිදන් වනු ඇත

අත්හැරීම.

Image
සඳ දිය දහරින් නහවා මා හද හිම කැටයක මුදු සිසිලස රඳවා සිසිලැල් කරවූ ඔබමයි  නිරතුරු සැඩ හිරු පහරින් මා  දවාලන්නේ සමනළ තටුවක සුසිනිඳු පහසින් මා වත සිඹ සනසවමින්  දැවටී දැවටී නිරතුරුවම ඔබ සනසා මාගේ  මුළු ජීවිතයම දේදුනු මාවත සසර පුරාවට  සැරිසරමින් මා අත ගෙන නහවා නහවා සෙනෙහස් දහරින් ජීවිතයම පහන් කෙරූ නුඹ ආදරයේ මුදු පියවිළි මත්තේ  හිමිහිට හිමිහිට ඇවිද යන්නට  ඇයිද හිදින්නේ අත නොහැරම නුඹ යන්නට නම් මේ කාලය ඇවිදින්