Posts

Showing posts from 2012

ඔබ සැමට සුබ නත්තලක් වේවා! පතමි.

Image
ඔබ සැමට සුබ නත්තලක් වේවා! Dearest Friends, Wishing you happiness, Joy and good cheers.   Merry Christmas and Happy New Year 2013.   මේ දක්වා අව ගිය මගේ යහලුවන් සැමටම සුබ නත්තලක් හා වාසනාව සතුට සම්පත පිරි සුබ නව වසරක් වේවා!  යි හදපිරි සෙනෙහසින් පතමි.

මගෙ පොඩි නංගි!

Image
          http://piyumvila.blogspot.com/2012/12/6.html

සෙනෙහස!

Image
කෙතක් වෙලා  කුස පිරුවා වැවක් වෙලා පවස නිවා අහස වගේ සෙවන සදා වෙසතුරු සේ දනින් පුදා ඒ සෙවනේ පහස ලබා අපි සැම පෝශණය වුනා මහා විසල් රුකක් වෙලා  අව්වැසි සැම එතෙර කලා මවත් වෙලා පියත් වෙලා ලොබක් නැතිව සෙනෙහස  පා  ලොවම ගෙනත් පා මුලෙහි තබා දුන්න සෙනෙහෙ  මහමෙරක් වෙලා හදවත තුල නිදන් වෙලා වැතිර නිදයි බරක් වෙලා දෙනෙත් පුරා ඉතිර ගලා කඩා වැටේ කඳුල වෙලා

පනස් වසරක මතකය අවදිව ගලා හැලුන සෙනෙහස් ගඟ.දෙවන කොටස.

Image
පනස් වසරක මතකය අවදිව ගලා හැලුන සෙනෙහස් ගඟ. පළමු කොටස මෙතනින්. http://chandigesithuviliuyana.blogspot.com/2012/09/blog-post_2246.html ලංකාවට ඇවිත් ජීවිතේ අලුතින්ම පටන් ගන්න උණා. කාත් කවුරුවත් නැති අනාථයො වගේ නෙ එන්නෙ. හොඳ වෙලාවට මහත්තයාගෙ ලොකු අක්ක ලංකාවෙ ඒ වෙනකොට. ඈ වෛද්‍ය වරියක්. ඈ තමයි මට අම්මා වගේ හැම දේම බලන්නෙ. ඒ සෙනෙහස අදටත් නොවෙනස්ව තියෙනවා. ඈ හරිම කාරුණිකව හැම දේම සොයා බැලුවා. මට ඒ ණය කවදාවත් ගෙවන්න බැරිවෙයි.   දරුවන් ගේ තාත්තා ලංකාවට ඇවිත් , එස් එස් සී හා කෝල්ට්ස් ක් ‍ රීඩා සමාජ වලට සෙල්ලම් කලා .   ඒ කාලෙ අපි හැම තැනම එයත් එක්ක මැච් බලන්න ගියා .   මම පුතාල පුංචිම කාලෙත් එයාත් එක්ක හැම තැනම ගියා . පුතාල එයාලගෙ තාත්තා ගිය පාසැලටම දමාගත්තා. තාත්තා ක්‍රිකට් එහෙම ක්‍රීඩා කරල තිබ්බ එකයි සීය ඒ පාසැලේම ඉගෙන ගත්ත එකයි හොඳට ගියා. එදා ඉඳල මගෙ ජීවිතේ ගෙවෙන්නෙ එයාලත් එක්ක. මමත් දැන් ඒ පාසැලේ සාමාජිකාවක් වෙලා ඉවරයි. එකම වයසෙ වගේ දරුවො තුන් දෙනෙක් උසස් පෙළ කරනතෙක් ඒ පාසැලේ උදේ හවා කරක්ගැහුවම ඉබේම එහෙම වෙනව නෙ. පාසැල් ගීයෙ පටන් පාසැලේ හැම බිම් අඟලක්ම මගෙ