වෙන්වීම.
අතැඟිලි බැන්දත් රන් හුයකින් දෙදෙනා වෙන් වී ඇත මෙලෙසින් දරා සියලු දුක් දියණිය සමඟින් මඟ බලාන ඉන්නේ මෙලෙසින් පාළු යහන මත සුසුම් ලමින් සුවඳ රැඳුන ඔබෙ ඇඳුම් අරන් දියණිය කියනා කතා අසන් ඉන්නේ කොහොමැයි කඳුළු වරන් වරදක් උනිද නොදනිමි හිමි සඳට ගියේ ඇයිද මා හා දියණිය අතැර කෙනෙක් ඔබට ලංවූයේ ඇයිද සෙනේ මදිද මා දුන් ඔබ අතට මවක් වුනෙමි දියණිය හා ඔබට නො තැවෙමි අදත් සිතමින් ඒ ගැනම සාදා ඇතිද රස මසවුළු ඒ පියඹ කවදා හරිම ඒවිද හීන අරන් ඔබ දවයි ම'සිත ඔබ සිහිවෙන වාරයට කොහේ සිටන් හෝ මා අමතාවිද ලඟට ඇවිත් කියා රහස් හුරතලේට ඔච්චම් කරන හැටි මැවෙනව නෙතු අගට වෙන්ට එපා හතුරෙකුට වත් මෙවන් දුකක් තරහක් නොමැත ඔබ ගැන මට කවදාවත් පතිවත රකිමි හිමි සඳ අද ලඟ නැතිවත් රැක ගමි ඔබගේ දියණිය මා දෑස ලෙසින් සසරේ දුකම මේ යැයි සිත සනහා ඉන්නෙම් දහමටම සිත යොමු කරවා ඔවදන් දෙවා දියණිය යහ මග හරවා මියයන තුරා රැක ගෙන ඈ දෑස ලෙසා