Posts

Showing posts from January, 2012

නෙත් අඳ යුවතියකගේ ආලය!

Image
දෑස නොපෙනුනත් පෙර කල පවට හදුනා ගතිමි හිමියනි ඔබෙ ගුණ සුමට කණවැල අල්ලන්ට මා වැනි අයට දෙවියන් වැඩ සිටිති යලි මේ ලොවට හඳුනා ගතිමි ඔබේ හදවත නිමල නොපෙනුනත් මට ඔබෙ මුව කමල දැනේවී ඔබෙ යහගුණයන් නිබඳ වඳිනෙමි හදවතින් ඔබ පා කමල ඔබ පා යුග ගැටෙන හඩින් හඳුනමි ඒ ඔබම යැයි සැනින් සුවඳ පිරුන ඔබ හද කුටිය තුළින් විහිදෙයි හිමියනි ඔබ ගුණ හතර අතින් සේපාළිකා මල් සුවඳින් මත්වී සඳරැස් කාන්තියෙන් මුව තෙත්වී හද තුළ ඉතිරෙන සෙනෙහසිනී පිවිතුරු ආදරයක සුව විඳිනෙමි මිහිරී

බිනර පැතුම!

Image
බිනර පැතුම! කඳු යායෙන් එහා කොනේ ඔබෙ පැල්පත මැවී පෙනේ පිළ අද්දර තිබු සයනේ ඔබ සුවසේ නිදනු පෙනේ මිහිඳුම් සළු පොරව ගෙනේ කඳු වලල්ල වැතිර තියේ මන්දා රම් වැහි සුළගේ ඔබේ හදේ සිසිල දැනේ පැලට ඇවිත් ඉන්න අනේ වාසනාව නැත්ද අනේ ඈත ඉදන් සිටිමි මෙසේ සිනහ පොදක් දකිනු කෙසේ පෙරුම් පුරමි බිනර මහේ කැදලි තනන්නට රිසිසේ පැලට නුඹේ එන්නෙ කෙසේ පැතුම් පතමි මැණිකෙ මෙසේ