Posts

Showing posts from November, 2011

සඳ දිය සිත්තම.

Image
සඳ දිය දහරින් නැහැවී ගිය සඳ මාගේ හදවත පළමු වතාවට සසර පුරා ඔබ සෙව්වේ මාවද කියා දෙන්න මට සබඳ දයාබර සිත්තම් මැව්වා මා හද උයනේ සිසිලස පිදුවා සීතල අරණේ කෝමල වදනින් සිත්විල තෙමුනේ ආදරයක සුව හද තුල මැවුනේ කාලය ගෙවුනේ අපටත් නොදැනිම වෙන්වයන්න අප අපටත් අහිමිව නොසිතූ ලෙස සරදම් කල දෛවය තාමත් මග බලමින් ඇති දෙතැනක කියා දෙන්න අපහට සසර කෙටිම මග සමිඳුනි එතෙරට යන්න පාර සදන්නට බැදීම අතහැර පතා නිවන් සුව කිමිදී ලබනට දහම් අමා රස