***අවිවේකි බව උඩ මේ සටහන් බොහෝ පමා වූ වගයි. එයට සමාව අයදිමි. මා තුල බෞද්ධ දර්ශණය ඉගෙනීමට ආශාව ඇති වූයේ මේ අවදියේ යැයි මම සිතමි. අප්‍රිකාණුවන් බොහෝ විට රළු ගති පැවතුම් ඇතියවුන් වූ බව මම ඔබට කීවෙමි. අවිහින්සාව අප හට ඒ තරම් හුරු පුරුදු දෙයක් නොවූ බව කිව යුතුය. සතුන් සෑම විටම අප ආහාරය සදහාම වූ බවත් උන් උපදින්නේ අප සදහාම බවත් ඇරෙන්නට අප හදවත් උන් කෙරේ අනුකම්පාවක් තිබිය යුතු බවක් අපි නොදැන සිටියෙමු. මුලින්ම ප්‍රාණගාතය පවක් බව මා අසා ගත්තේ ඇයගෙනි. මෙය මා පැවසූ විට අප යහළුවන් ද පුදුමයෙන් මගෙන් කරුණු විමසන්නට විය. අප කලෙක සිට පුරුදුවූ සිතුම් පැතුම් වලින් මිදෙන්නට කිසිදා අපට හැකිවේ දැයි මම අනුමාන නොකලෙමි. නමුත් පොත්පත් සොයා යන්නටත්, මනසින් ඒවා විවේචනය කරන්නටත් නිතර නිතර විවාද කිරීමටත් මම පුරුදු වුනෙමි. කෙමෙන් කෙමෙන් අප වැඩිහිටියන් බවට පත්වෙත්දී ධර්මාවබෝධය නිසැකයෙන්ම මා තුල ගොඩනැගෙමින් තිබුණි. මගේ හදවතද බොහෝ විට කරුණාවෙන් පිරී තිබුණි. මනස බොහෝ විට සන්සුන් වගේම නිරවුල් ව තබා ගැනීමට මට හැකි වුණි. පාසැල් පුස්තකාලය පීරා මම පොත් පත් සෙවීමි. සමහර පොත් මට මලීශා ගෙන් ලැබුණි...