Posts

Showing posts with the label මගෙන් ඔබට.

සමනල ගීතය

Image
කාලෙකින් ලියන්න ආවෙ වෙනස්ම දෙයක් ගැන. අපි පහුගිය 06 වෙනිදා 'සමනල සංධවනිය' බලන්නට ගියා. කාලෙකින් බැලුව සුන්දර සිනමාපටයක්. අපි පොඩි පුතාගේ උපන් දිනය සමරන්න හිතාගෙන කලින්ම අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් වෙන්කලා. නැතිනම් අපට සෙනග අස්සෙ කරදර වේවි කියලා හිතාගෙන. "සමනල සංධවනිය" මට පුදුම කම්පනයක් ගෙනාවේ.. එහෙමටයි කියල මගේ අත් දෑකිමක් මේකෙ නොමැති උනත්, අපි අතරෙ ඉන්න කාගෙ හරි අත්දෑකිමක් නේද කියල හිතෙන පුදුමාකාර සංවේගයක්, වගේම ආදරයක් මට  දැනෙන්න පටන් අරන්. අපි කාගෙත් මේ වාගෙ ''මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..........." තියෙන්නට ඇති. සමහර අපි අතරට  යන එන අයට අපි ආදරය කරන්නෙ මේ වාගෙ නේද? අපි හිතන්නෙ නෑ ඒ අය අපේම කරගන්න. නමුත් ආදරය ...........  කරනවනෙ. හුස්ම ගන්න, පපුව ගැහෙන,සොඳුරු හදවත් තියන,  ආදරේ විඳින අපි කාටත් අපේ නොවන අපේම ආදරයක් තියනවා. මේක සොබා දහමේ සදාතනික සත්‍යයක් නේද කියල මට වෙලාවකට හිතෙනවා.  ඒ පෙම් සබඳතා වලින් ඇතැම් සිත් වල ආදර සිහිනය දෑසක උතුරන කඳුළු ගඟක් වී මැකී යාවි......  එනමුදු, මේ පුංචි රටේ කොතැනක දී ‍හෝ මතු කවදා හෝ .. ඔවුන් නැවත ම...

නිමාලී

Image
අද කියන කතාවෙ නමක් ගමක් ලියන්න මට අයිතියක් නෑ කියල යි මට හිතෙන්නෙ. අපි කාලයක් ළඟින් ආශ්‍රය කරපු පවුලක කතාවයි මෙයට පදනම් වෙන්නෙ. අපි  ඇය නිමාලි කියල  හිතමු. නිමාලි හරිම හුරුබුහුටි දැරියක්. මම ඈව මුලින්ම දැක්කෙ අවුරුදු පහක තරමෙ පුංචි කෙල්ලක් කාලෙ. ඈට තව අවුරුදු දෙකක විතර චූටි නංගියෙකුත් හිටිය. ඈ නමින් ඩිනාලි. මේ දැරියන් දෙන්නාම හරිම ලස්සන කෙළිලොල් දැරියන් දෙන්නෙක් මම වඩාගෙන හුරතල් කළා චූටි කෙල්ලව නම්. ලොක්කි ටිකක් එහෙමට ළඟට එන්නෙ නෑ. ඒ උණාට මට දෙන්නාම හරිම ආදරෙයි . එයාලගෙ අම්මටත් තාත්තටත් අපි ආදරෙයි. මගෙ තාත්තගෙ හොඳම යාළුවෙක් නිසාම අපි ගෙවල් දෙකේ සම්බන්ධෙ ගොඩක් ළඟින් තිබුණ හින්ද නිතරම අපි ආවගියා.  එකට සෙල්ලම් කළා . මගෙ චූටි නංගියත් එක්ක නිමාලි පුදුම යාළු කමක් තිබ්බෙ . ඈ ඉගෙන ගන්නත් හරිම දක්ෂයි . එයාගෙ අම්මා එයත් එක්කම හිටපු නිසා පාඩම් වැඩ වලදිත් ඇයට හොඳ ගුරුහරුකම් ලැබුණ කියල මම හිතන්නෙ . බාහිර වැඩ වලටත් ඇය හරිම දක්ෂයි . මම විවාහ වෙන කොට එහෙන් මෙහෙන් එබි එබී මගෙ දේවල් හොයන්නත් අපි දෙන්න හොරෙන් හොරෙන්   කතා...