තෙරණියකගේ ගීතය
හරිම ලස්සනයි ඔබ හරියට නිල්මහනෙල් මලක් වගේ කළුම කලු කො න්ඩෙ පිට මැද කඩා දමා නිතඹ සලමින් යන හැඩ නීල වර්ණ ඇහි බැම දේදුන්නක් වගේම හැඩයි කන් පෙති දෙක රනින් හදාපු තෝඩු වගේ දත් ටික කොඳ කැකුළු වගේ ඔබේ වත හරියට රැයේ පිපුණ කඩුපුල් මලක් වගේ අත්පා රනින් කල පිළිමයක් වගේ කියා පෙර දිනයක මතකද ඔබ කීවා මට බුදුසමිඳුගෙ පිළිසරණින් පසක් උණා ජීවිතය දිරන මේ කුණුකයට පෙම් බැන්දේ කුමට ජරාවෙන් දෙදරායන දුකටම වාස භවනය වූ පිළිසකර කල නොහැකි කඩා වැටෙනා සිරුර දිරා ගිය ගෙයක් ලෙස මහ පොළව සිප ගනී නොඇල්මෙන් පහන්වී මතු දිනක මාරයාට ලං නොව...