ආදරණීය මලීෂා 6 කොටස.
මගේ ජීවිතයේ පරිවර්තනය සිදුවූ මේ අවධියේ මම මගේ පියාගේ නැගණිය අප හට අහිමි වූයේ පෙර සසර කල කර්ම විපාක වල ප්‍රතිඵලයක් ලෙස බව වටහා ගතිමි. එමෙන්ම මගේ දෙමාපිය දෙපලගේ දෙමාපියන් ද අපව හැර දමා කෙදිනක හෝ යන බවත් සියලු දේ සිදු වන්නේ දෙවියන් ගේ කැමැත්ත ටම නොව අපගේ කර්ම ශක්තිය අනුව බව වටහා ගත්තෙමි. අප නිතර පාසැලේ දී විවේක අවස්ථා වලදී ධර්ම සාකච්ඡා කලෙමු. මගේ දහම් දැනුම මෙන්ම ජීවිතාවබෝධය ලබා ගැනීමට මේ සාකච්ඡා බෙහෙවින් ඉවහල් විය. කෙමෙන් කෙමෙන් අප පාසැල් වාර අවසානය ලඟාවිය . අපි මේ අවුරුද්දේ ලිවිංග්ස්ටන් යාමට කතිකා කරගත්තෙමු. ලිවිංග්ස්ටන් නගරය සිම්බාබ්වේ හා සැම්බියානු දේශ සීමාවේ පිහිටා තිබේ . මනරම් වික්ටෝරියා දිය ඇල්ල පිහිටියේ මේ කුඩා නගරයේය. අපි සැම බොහෝ උනන්දුවෙන් ඒ සඳහා ලක ලැහැස්ති වීමු. දුර ප්‍රමාණය කිලෝ මීටර් 490 කි. යාමට ගතවන කාලය පැය හතකට ආසන්නය. පන්තියේ සැම දෙනෙක්ම මේ සඳහා යම් කාර්ය භාරයක් ඉටු කල යුතුවූ හෙයින් අපි සැම සාකච්ඡා කොට එක් එක් කෙනාට වැඩ පැවරුවෙමු. මහ මඟට අවශ්‍ය කෑම බීම මෙන්ම බෙහෙත් හේත් ද අනෙකුත් අවශ්‍ය දෑද සාමූහිකත්වයෙන් සපයා ගත්තෙමු . මලීෂා ගේ දෙමාපියන් ද ස්ව කැමැත්තෙන