පියඹාපන් මගේ කැදැල්ලට!

පියඹාපන් මගේ කැදැල්ලට!
පියාඹන්න හැකිය නුඹට මගේ කැදැල්ලට
දැවටි දැවටි ආසයි මට සෙනෙහෙ විඳින්නට
ප්‍රේම ගඟුලෙ හැමදාටම ගිලී හිදින්නට
හැකිය නුඹට පැමිණෙන්නට මගේ තුරුල්ලට

කිරිල්ලි මගෙ දන්නව නුඹ මගෙයි කියා පෙර
මම ඇයගෙම යයි කියනව සහතිකමයි ඇය
අමතකයිද පෙරදා නුඹ ඇගෙම නෑනා බව
ඒ නිසාම කැදැල්ලෙ දොර අරීවි නුඹට ඇය

සිඟන්නියේ නුඹෙ අයිතිය හැමදාටම මට
ඒ උනාට යන්න හැකිද කැදැල්ල හැර මට
නුඹ වාගෙම මම ඉන්නෙත් දෙලොවක් අතරම
ඔබ දෙපළම එක වාගෙම රැක ගතහැකි මට

ඈත ඈත අහස් තලේ සොඳුරු ඉසව්වක
සැඟවුනෙ මම ඔබ ගිය පසු සිහින කොදෙව්වක
ආයෙත් නුඹ පියඹා'විත් මගේ කැදැල්ලට
එඹිකම් කර නොයිද වරෙන් කැදැල්ල තුළට

Comments

  1. සෙනෙහබර පදපෙලක් අක්කේ.

    ඉමේජ් එකත් එක්කම පදපෙලත් පහලින් දාන්න පුලුවන් නම් කියවන්න පහසු වේවි.

    ReplyDelete
  2. @ ගල්මල්-Coral
    මල්ලී ඔබේ සටහනට ගොඩාක් ස්තූතියි, ඒ වගෙම දැනුවත් කිරීමටත් බොහොම ස්තූතියි, ඔන්න මම ඒක හැදුවා. ඔබට පින්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අවුකන හිද .