හිමිදිරිය වසන්ත සුළඟේ හමා යන සීතලෙන් ගත නිවයි. උදෑසන කුරුලු නාදයත් , මොණරුන්ගේ කෑ ගැසීමත් සමඟ මම අවදිවීමි. කිසිවෙක් අවදිවූ බවක් නොදැනුණි. මම හිමිහිට එලියට ආවෙමි. මද සීතලක් සමඟ මුසුවූ මිහිරි මල් සුවඳකින් මගේ හදවත පිරී ගියේය. විශාල ගස් කිහිපයක් සහිත ආවරණයක් යටට මා පැමිණියේ හිමිදිරිය සුන්දරත්වය විඳගනු පිණිසය. විශාල බට පඳුුරක් ඒමේ අත වැනෙමින් ක්‍රීක් ක්‍රීක් ශබ්දයක් නිකුත් කරයි. තණපත් මත කුඩා මකුළු දැල් වන් වියන් වේ. ඒ මත පිනි වියන් සෑදී ඒවා ලාහිරු එළියේ දියමන්ති සේ දිලේ. ඒ මත පය තබන විට දැනෙන සිසිලසට මම කවදත් ප්‍රිය කරමි. සමන් මල් මෙන්ම කුඩා ගඳපාන මලින් ද මේ ගස් වටා එතීගිය තන්බර්ජියා වැල් පුරාවට පිරුණු දම් පැහැ මල්ද පරිසරය වර්ණනවත් කරයි. හිමිදිරි පාන්දර යන්තම් එළිය වැටී එයි. ලා හිරුරැස් වැටී බිමමත නේක රටා මවයි. කුරුලු ගීත දස අතම ඇසේ. ඉඳහිට ලේනෙකුගේ හඬත්, බකමූනෙකුගේ හඬත් එකිනෙක පරයා ඇසේ. මා අසලින් ගමන් ගත් ලේන් පැටියෙකු බිය වී ගසක් මතට නැග්ගේ කලබලයෙනි. වැසි වැටී තිබු පරිසරය නැවුම් බවක් උසුලයි . මලීෂා ගේ මව ඈතින් එනු පෙනෙයි. "චිලේශි, උදෙන්ම නැගිටලා නේද? සුබ උද