අම්මා.



සසර සරණා පතිනි මවුවරුන්
සෙනෙහස බෙදනා නිමල සිතින්
දොර ගලා යන ආදර  සෙනෙහෙන්
රකිනා පියතුම හා ඇයගේ දරුවන්


නිදි නොලබා නෙත නිති නිදිවරමින්
හිරු වඬිනා කල හිමිඳිරි උදෑසනින්
බත සලසා ඈ ගිහි ගේ ගිනි පිඹිමින්
නිති රකිනා  තම දරුවන් ඇස මෙන්



ජීවිතයේ බර මෙසේ අදිමින්
ගතේ විඩා දුක් කිසිත් නොතකමින්
නේක නේක දුක්  ඉවසා දරමින්
අම්මා යයි මේ සසර මගෙහි  සතුටින්


චාන්දි.

Comments

Popular posts from this blog

අවුකන හිද .