Posts

Showing posts from September, 2026

කවි

Image
නිසල අරණේ පාලු හවසක නුඹ වෙන්ව ගිය වග දනිමි නුඹේ හුස්ම ඒ කලින්  දිනයක වාතලයට මුදා හැරිය බව කියමි නෑ සියන් හා දූ පුතුන් ඔබ අත් හැරියෙ කෙලෙසක දැයි සිතමි හදේ නැගෙනා හීන් රිදුමක සිරවෙලා නිති මා දවන බව දනිමි නිසල අරණේ පාලු හවසක නුඹ වෙන්ව ගිය වග දනිමි හදේ නැගෙනා හීන් රිදුමක සිරවෙලා නිති මා දවන බව දනිමි දුම් කවුළුවෙන් විත් නුඹේ සුසුමක් මා වටා දැවටී සුළන් රැල්ලක හිමින් එතිලා මගෙන් ඈතට විසිර යාවී නෑසියන් හා මගෙන් සමුගෙන එකිනෙකා සිප වෙන්ව යාවී හදේ සෙනෙහින් නිදන්ව ඇති මතක පොදි මැද මා ඉතින් තනි වේවී නිසල අරණේ පාලු හවසක නුඹ වෙන්ව ගිය වග දනිමි හදේ නැගෙනා හීන් රිදුමක සිරවෙලා නිති මා දවන බව දනිමි සසර බැඳි විසල් ප්‍රේමයක අග කොහේ දෝ සොයමි එකින් එක බැඳි පුරුක් ලෙහමින් ටිකෙන් ටික නිවෙමි ඉන්න තැනකට කුසල් පුරණට නිති පමා නොවෙමි එ පින් බලයෙන් සසර කෙළවර හිමියනේ නුඹ දුක් නිමා කරනූ නිසල අරණේ පාලු හවසක නුඹ වෙන්ව ගිය වග දනිමි හදේ නැගෙනා හීන් රිදුමක සිරවෙලා නිති මා දවන බව දනිමි හදේ සෙනෙහින් නිදන්ව ඇති මතක පොදි මැද මා ඉතින් තනි වේවී සසර බැඳි විසල් ප්‍රේමයක අග කොහේ දෝ සොයමි ✍️  චාන්දි .    මේ පැදි ...

අද සැප්තැම්බර් 13

Image
මලක මෙලෙක පෙති අතරේ සැඟවුණු රහසක් සීත පිණි මත ලියැවුණු සුන්දර ප්‍රේම කතාවක් නලියමින් දෑස් මත විසිරුණු විසල් ආදරයක් කෙසේ පවසම්ද හදේ උතුරා යන සෙනෙහසක් 💕💕💕 ✍️චාන්දි.  

අද සැප්තැම්බර් 14

Image
 සඳරේනු හැලිලා මිහිමත කරන ඉඟි බිඟි සෙනෙහෙ දිය වාන් දමම්න් කරන කසු කුසු අසා සිටිනා සියතුනේ ගයන් ප්‍රේමයේ ගී තනු අසන් මා හිමි ආදරෙන් මා හට වයන වීනා තත් සරනු කිමිද නාමි ප්‍රේම දියේ නැහැවී තබා උර මත හිස හොවා සැනහී සැනහෙමි ඔබේ පපුතුරේ සැඟවී නිවෙමි සැනහෙමි එහි තුලම කිමිදී