අමා ගීතය
සිහිනයක් විය එදා සැරිසරන්නට බුද්ධගයාවේ
පින ලැබුනා මට සිත්සේ වඳිනට බුද්ධගයාවේ
අසිරිමත්වූ ඒ බුදු පිළිමේ දැක්මෙන් සිත සැනහේ
සාදු! සාදු! මම වඳිනෙමි ශ්‍රී මහ බෝ සමිඳේ
දම්සක් සුතුරින් ලොව සැනසූ මේ දෙවුරම් වෙහෙරේ
පහන් සිතින් සැරි සැරුවා ආනන්ද බෝධි මළුවේ
ගන්ධ කුටිය ලඟ මල් පුදලා අප බුදු හිමි වැඳගත්තේ
සත්බුදුවරු සිහි කරමින් වැඳ වැඳ නිර්වානය පැතුවේ
දහසක් දෙවියන් අදටත් වඬිනා මේ දෙවුරම් වෙහෙරේ
නිවේ නිවේ සිත සැනහී දහමේ නිවන් පුරේ ළඟ වේ
පුන්සඳ පානේ දහම් දෙසූ සැටි මැවී මැවී පෙනුනේ
සිත බරවූවා අදටත් සමිඳුනි අප මේ දුක් සසරේ
සල් මල් පිපි සීතල උදයක අප යන ඒ මොහොතේ
කුසිනාරවට මල්වැසි වැස්සා සිහිකර පිරිනිවණේ
සාදු! සාදු! අප වැන්ඳා වැතිරී ඒ සුන්දර පිළිමේ
කඳුළු ගලා සිත පිරුනා ශෝකෙන් අද හිමි ඔබ නැහැනේ
දෙදහස් හයසිය වසරක් ගෙවිලා දහමේ බල පැතිරේ
අදටත් සත්තයි ඒ බුදු බණ දැන නිවනේ මඟ පෙනුනේ
අසිරිය වින්දා හිමි ඔබ වැඩි මඟ පියමණිමින් සසරේ
සාදු! සාදු! මා ඉපදුනෙ පිනටයි බොදු මවකගෙ තුරුලේ
ඔබ පෙර කල පින් ඇති වාසනා වන්තියක්
ReplyDeleteඇත්තටම දඹදිව වඳින්ට යන්නේ පින්වතුන්. මට තාම යන්ට ලැබිලා නෑ. එක පාරක් නේපාලයටම ගිහින් හොඳටම අසනීප වෙලා ආපහු ගෙදර එන්ට උනා. (එතනින් පටන්ගෙන හැම තැනම වඳින්ට යන්ට කියලා හිතා හිටියත්)
ReplyDeleteඔව් නේන්නං ඒකටත් වාසනාවක් තියෙන්න ඕන.. ජය වේවා...
ReplyDeleteබුද්ධගයාව වන්දනාකරන්න ඇත්තටම පින් තියෙන්න ඕන තමයි.
ReplyDeleteලස්සන නිර්මණයක්. ගීතවත් බවක් තියනවා.
තුන්වන කවියෙ අන්තිම පේලියෙ 'දෙවිඳුනි' කියල ලියවුනේ වැරදීමකින්ද හිතුනා. 'සමිඳුනි' නේද හරි ආමන්ත්‍රනය? මට හිතුන විදිය කීවෙ. :)
@ අටම් පහුර;
ReplyDeleteඔව්, අටම් ඒක මාත් හිතනවා. මේ ආත්මෙත් හිත හිතා සතුටුවිය හැකි කුසල් කලා. යන තැනකට ඒවා අරන් යන්න හිතනවා. වෙන එකතු කරගත් දෙයක් නම් නෑ.
@ පොඩී,
ReplyDeleteඔබට ඒ පින ඉක්මනින්ම පෑදේවා! කියා සෙනෙහසින්ම පතනවා නංගි. ඉන්දියාවෙදී කෑමෙන් ප්‍රවෙශම් උනොත් බොහොම වෙලාවට අසනීප නොවී ඉන්න හැකියි. වතුර වත් එලියේ තියෙන කිසිම කෑමක්වත් කන්න යන්න නරකයි කොච්චර ආසා උනත්. දූවිලි හරියට නිසා ලෙඩ වැඩියි.
@ දේශක තුමා;
ReplyDeleteස්තූතියි! දේශක තුමෝ. ඔබටත් ජය පතනවා සෙනෙහසින්.
@ ගංඟාවේ ගීතය ;
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! දුව . වරද නිවැරදි කලා. එහෙම තමා වෙන්න ඕනෙ. දෙවුරමේ අදටත් වඬිනා දෙවියන් ගැන හිතා ලියවුන නිසා ම එහෙම ලියවෙන්න ඇති.
සියල්ල එක තැනකට එකතු කරලා... පද ටික ලස්සනයි. ස්තුතියි අක්කේ බෙදා ගත්තට..!
ReplyDeleteඇත්තටම නැන්දා ගොඩක් වාසනාවන්තයි.මාත් කවදා හරි දවසක යන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි බුද්ධගයාව.
ReplyDeleteමට ලොකු වුවමනාවක් තියෙනවා අම්මව දඹදිව යවන්න.. කාලය තමයි ප්‍රශ්ණේ.. දැන් එයාට මිණිබිරියගේ වැඩ නේ සෑහෙන්න..
ReplyDelete@ චන්දන;
ReplyDeleteස්තූතියි! චන්දන. තාමත් ඒ සතුට.
@ චම්ස්;
ReplyDeleteස්තුතියි! දුව. ඔයාට ඉක්මනින්ම ඒ වාසනාව උදා වේවා! කියල සෙනෙහසින්ම පතනවා.
@ දිනේෂ්;
ReplyDeleteකාලය කොහොම හරි සොයාගෙන අම්මව යවන්න බලන්න දිනේෂ්. මොකද ගොඩාක් වයසට ගිහාම මේ ගමන යන්න හරිම අමාරුයි, වෙහෙසකරයි. මම යන කොට මගේ වයස 51 යි. නමුත් මටත් ටිකක් ඒ වෙහෙස දැනුනා. අපේ නඩයේ හිටි බාලම කෙනෙක් මම D;. මිණිබිරියගේ වැඩ කටයුතු වලට වඩා ඒක වටිනවා. මෙහෙම කිව්වාට තරහා වෙන්න එපා හොඳේ.
මටත් කවදාහරි යන්න ඕන..
ReplyDeleteවන්දනාවේ අසිරිය බෙදාගත් ඔබට බොහෝම පිං අක්කේ
ReplyDelete@රෙහානි ;
ReplyDeleteබොහොම ස්තූතියි! රෙහානි ඇගයීමට. ඔයාට ඉක්මනින්ම දඹදිව වන්දනාවේ යන්න ලැබේවා! කියල පතනවා.
@ ගල්මල්-Coral;
ReplyDeleteඩීන් මල්ලි, ඔබටත් බොහොම ස්තූතියි! ඇගයීමට.
අනේ රත්තරන් අක්කේ ඔයාගේ මේ ලිපි හරිම රසවත් අර්ථවත් ඒ වගේම කියවද්දී හරියට ආසා හිතෙනවා. ඔයාගේ මේ ලිපි එක්ක බලද්දී මම ලියන බ්ලොග් ලිපි නම් නිකම් පල් හෑලි වගේ කියලා මට හිතෙනවා. මොකද ඔයා ගොඩාක් ප්‍රවීණ උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. ඔයා වගේ නෙවෙයි නේ මම. මම බ්ලොග්කරණයට තාව හරිම අලුත්. මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් අරගෙන ආසාව නිසා ලිපි ලියා ගෙන යනවා. මම දන්නේ නැහැ මම ලියන ලිපි මොන මට්ටමකද තියෙන්නේ කියලා වත්. අනේ අක්කේ මම ඔයාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලන ඉල්ලීම මේකයි. අනේ අක්කේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ බ්ලොග් ලිපි කියවලා ඒවා මොන මට්ටමක තියෙනවද කියලා මාව දැනුවත් කරන්න අදහස් පළ කරන්න කාරුණික වෙන්න කියලා බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයා එනකල් මම මඟ බලාගෙන ඉන්නවා මගේ සුදු රත්තරන් අක්කියෝ..
ReplyDeleteReplyDelete
කවියක් වගේම බුද්ධගයාවත් හිත නිවන තැනක්.
ReplyDelete@ දයා මල්ලි,
ReplyDeleteබොහොම ස්තූතියි ඇගයීමට.
@ හේරත් මුදියන්සෙලාගේ දිස්නා කුමාරිහාමි අත්තනායක මෙනවිය;
ReplyDeleteබොහොම ස්තූතියි ඇගයීමට. නංගී මම ඔයාගෙ අඩවියට ආව. මම මට හිතෙන දේ කියන්නම් අමනාප වෙන්න එපා. බ්ලොග් කරනය කියන්නෙ අපි සමාජයටත් අපිටත් සතුටු වෙන්න වගේම යහපතක් වෙන්න කියන අදහසින් කරන දෙයක් . ඒ නිසා වගකීමෙන් ලියන්නට ඕනෙ. සමහරු කතා කරන භාෂාවෙන් ලියනවා.තවත් සමහරු ලියන භාෂාවෙන් පැහැදිලි ව්‍යාකරණානුකූලව ලියනවා. ඒ දෙකේම වරදක් මා දකින්නේ නෑ. තමන්ගේ අදහස් ලොවට ගෙනියන්න දෙවිදිහම හොඳයි නෙ. ඔයා ඔයාගෙම නිර්මාණ කරන්න උත්සාහ ගන්න. එක එක්කෙනාගෙ දේවල් ලෝකෙට ලියල වැඩක් නෑ. ඒවා බලන අයත් ඉන්නවා. නමුත් අද ඉන්නා බහුතරයක් ඒවා කියවන්නේ නෑ. මාත් හුඟ වෙලාවට අසැබිදේවල් ලියවිලා තියෙන ඒවාට ප්‍රතිචාර දාන්නෙ නෑ ප්‍රතිපත්තියක් ලෙස. මම ආත්තම්මා කෙනෙක්. ලෝකෙ හැම තැනම වාගේ ඇවිදලා පළපුරුදු කෙනෙක්. ඒ උනාට අවංකවම කිව්වොත් මම තාම ඉගෙන ගන්නවා. මහා ලොකු සිංහල දැනුමක් මට නෑ. මට වඩා පළපුරුදු අය බොහොමයක් මේ අඩවිවල ඉන්නවා. ඒ අයව පරිශීලනය කරන්න. ඒවායේ තියෙන අදහස් ගන්න. ඔයාට සමාජයට යහපතක් කරන්න පුළුවන් දෙයක් කරන්න. ඔයාට සෙනෙහසින්ම සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියල.