පියුම!
මගේ හද විල පිපුන එකම පියුම නුඹ
සසර සාගරේ පිහිනා එකට ආව නුඹ
සුවද දෙවා ජීවිතයම එකලු කලා නුඹ
සෙනෙහෙ විලේ පිපි මා පියුමිය නුඹ
ආව මගේ හමුවූ මහ සෙනෙහෙ විලයි නුඹ
ඒ විල මත පිපි පියුමේ සුවඳ මලයි මම
එක්වම ඉන්නට පතලා ආව විලස මම
සසරේ හමුවූ විලසින් පිපී සැලෙයි මම
ජීවිතයේ දුක් කරදර සතුටින්ම දරා අප
ගෙවුව දවස් මතක තියේ මියෙන තුරා මට
සිනහ පොදක් මුවඟ පුරා දී සෙනෙහෙන් මට
දුක දරාන සිතේ සතුටු සිනා මවන නුඹ
එක්ව ගෙවමු මේ දිවි මග සතුටින් සැම දින
කරදර සැම ඉවස දරා මහා මෙරක් ලෙස
රාග ද්වේශ මෝහ නසා සිත් පිරිසිදු කොට
සසර පතමු එක්ව නිවන කුසල් පුරා අප
නිසසල විලෙක ජල තලය මත සුපිපි දිලෙන පියුමක ලස්සන උපමා කතාවක්...
ReplyDeleteපොඩි සටහනකින් වුනත් මේ සුන්දර පදපෙලට හානියක් වේවි දෝ හිතුනා.
This comment has been removed by the author.
ReplyDeleteහදවතින්ම ලියු පද වැලක් නේද
ReplyDeleteකියන්න දෙයක් හිතට නොනැගුනත් පද වැල නම් රස වින්ඳා.
ReplyDeleteබොහොම තදින්ම කා වැදිලා, ගැඹුරටම ගිහිල්ල ලියපු එකක් විත්තිය හොදටම පේනවා. නියමයි..
ReplyDelete@ ගල්මල්-Coral;
ReplyDeleteබොහොම ස්තූතියි! ඩීන් මල්ලී.
අප දිවියේ සොඳුරු මතක.
@ Bindi;
ReplyDeleteබොහොම ස්තූතියි! නංගි. ඔව්, ඔව්, එහෙම තමා.
Tharu Arana;
ReplyDeleteබොහොම ස්තූතියි! තරු. නොකීව දහසක් දේ දැනුනා.
දේශක ;
ReplyDeleteහැමදාම වගේ ස්තූතියි! දේශක තුමා.
ඒ කියන්නෙ සාර්ථකයි නෙ.
ඒ සසර චාරිකාව තවත් දිගුකලක් දිගු ගමනක් යන්නට ඒ සෙවනැල්ලම ලොකු ශක්තියක් වේවි.
ReplyDeleteමේ දවස් වල ඉක්මනට බ්ලොග් කියෙවුවට මොකද මේ කවි පෙලනම් දෙපාරක්ම කියෙවුවා..
ReplyDeleteඉක්මනින් ම සසර චාරිකාව නිමා කරන්න දෙන්නටම හැකියාව ලැබේවා කියලය් මගේ පැතුම!
ReplyDelete@ දයානන්ද රත්නායක;
ReplyDeleteස්තූතියි! දයා මල්ලි. ඒ සෙවනැල්ලම තමයි මගේ ජීවිතේ නිවීම උනේ. කොච්චර හිත කලබලෙන් හිටියත් මාව එයින් මුදවලා සතුටු කරන්න එයාට පුලුවන්.
@ Dinesh ;
ReplyDeleteස්තූතියි! දිනේශ්. කොච්චර අවිවෙකීව හිටියත් ඇවිත් යන එකම ලොකු දෙයක් නෙ.
@ Lahiru Karunarathna;
ReplyDeleteස්තූතියි! ලහිරු පුතා.
මගේ පැතුම!ත් ඒ නම්, ඒ අයුරින්ම ඉටුවේවා!
මාත් ඇවිත් කියවල රස විඳල ගියා..
ReplyDeleteස්තූතියි! චන්දන මල්ලි. මේ ටිකේ නිහඬ ඇයි?
ReplyDeleteමම කවි සින්දු වලට ආසා කරන කෙනෙක් නෙවෙයි නමුත් මේ පද පෙළ හදවතේ ඇතුලාංතයම සිපගත්තා වගේ හැඟීමක් දැනුනා
ReplyDelete@ කොරලේ පුතා;
ReplyDeleteස්තූතියි! මේ පැත්තෙ ආවට. ඔයා සංවේදී කෙනෙක්, එහෙම කෙනා කවි සිංදු වලට ආසා නෑ කිව්වම පුදුමයි.
පැතුම් ඉටුවේවා !
ReplyDeleteකාලෙකින් ලිව්වෙ නැත්තෙ ඇයි?
ReplyDelete