තරුණයි අපේ පෙම!











ලා සඳ  රැස් රටා මවන
 මේ මැණික් ගං දෑල
හමන  මද පවන් රැල් 
සිසිලසේ දැවටි දැවටී 
මා හිස පිරි මදින 
ඔබේ අතැඟිලි 
දිගු කෙහෙරැලි අතර
 හිමි හිමින් නිවයි මා සිත් සයුර
ආදරෙන් වෙලි වෙලී 

නිල් තරු වියන යට දිලි දිලී
 නැගන මැලවෙන 
කලා මැදිරි එළි දකින 
මනරම් රාත්‍රියක
 රැය පුරා කොදුරමින් 
අප දිවියේ මග හසර
ඔබ දෙපා මත හිස හොවාන
 සෙනෙහසින් ඔබෙ මැණික 
සුව විදී මා හිමිගෙ 
සෙනෙහෙ ගං දියෙ තෙමී

නොමියෙනා මේ රැය පුරා 
නිදි නොමැති අප දෑස
පිරිමදින මැණික් නදී දිය
ගලා යන අපූරුව 
වැදි වැදී ගං ඉවුර
මේ වනස්පතිය හඬවමින්
හඬනගන  අතුපතර 
සිළි සිළිය වැදි වැදී
ඔබේ උණුසුම සොයන
තාමත් තරුණයි 
අපේ පෙම කිසිදාක 
නොමියෙනා 









Comments

Post a Comment