ගමන් මග

සිනාසුණු තැන් ජීවිතේ බොහොමයි
සිත රිදුණු තැන් ද ජීවිතේ බොහොමයි
හොවා මා හිස ඔබේ ලය මඬලේ
පිරිමදින විට සියලු දුක් ගිනි පහව යයි රිසිසේ


සසර එක් නවාතැනක් පමණ ද මේ
ඒ නවාතැන  සදා සෙනෙහෙ මිහිරෙන් පුරවා
මගේ දිවියට සතුට සැනසුම ලබා දුන් නුඹ
පුදම් බැති පෙම් උපදවා ලය මඬලේ

මේ අතිර සසර මගේ මාද ඔබ හැර යනු ඇතී
මගෙ රත්තරනේ පාළුවෙන් හිත පුරවනු ඇතී
දහම් මග යමින් ඔබ සැනසුම  ලබනු ඇතී
නිවන්නට බව ගිමන් නිබඳ මා හා එනු ඇතී


චාන්දි .

Comments

Post a Comment