තුති මල් මිටක්.

අද අබේවර්ධන බාලසූරිය නම් වූ සොඳුරු කලා කරුවාගේ උපන් දිනය සමරන්න උත්සවයක් නිරංජලා අක්කා විසින් ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා තියෙන බව දැනගත්තේ පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකින් හා පසුගිය ඉරිදා ලක්බිම පුවත්පතින්. ඒ සඳහා අක්කාට මගේ සුබපැතුම්! මුලින්ම. මේ සටහන තැබෙන්නේ මගේ පාසැල් අවදියේ ඔබ මාව කිසිදිනෙක නොදැන, නොදැක මගේ අංකුර නිර්මාණ කනිටු සරසවිය හරහා ඉදිරිපත් කල නිසාවෙන්. මම අනුලාවේ ඉගෙන ගන්නා කාලෙ, නිරංජලා අක්කා සහ සමන් අතාවුදහෙට්ටි අයියා තමයි මගෙ පුංචි නිර්මාණ ලස්සනට හැඩකරල මිහිරි හඬින් කියෙව්වේ. කවදාවත්ම මට සැබෑ ජීවිතයේ ඔබ දෙපළම හමුවෙලා නෑ. නමුත් හිත පුරාම හර්ද්‍යාංගම ස්තූතිය රැදිල තිබෙනව. පසු කාලෙක ඔබ දෙපළගේ ගීත රසවින්දා වගේම ජාතියට මහත් සම්පතක් වූ ඔබ දෙපළව හරියට අගය කල බව දන්වන්නේ සතුටින්. ඔබගේ මේ සත්කාරය අබේ අයියා වෙනුවෙන් සාර්ථකව ඉටු කිරීමට වාසනාව ශක්තිය ධෙර්‍ර‍යය ඔබට ලැබේවා! කියා පතමින් වාසන්නවන්ත අනාගතයකට සුබ පතමි.

Comments

Popular posts from this blog

අවුකන හිද .