සොඳුරු මතක සටහන්. 2

සැම්බියාවේ ආගම් කිහිපයක් අදහනවා. කතෝලික, මුස්ලිම්,ජොවාගේ සාක්ෂිකරුවෝ, හින්දු,මිශනාරි ආගම් වගේ කිහිපයක් සමග ගෝත්‍රික ඇදහිලි විශ්වාස ද බහුලව තියෙනවා. ඒ වගේම විවිධ ජාතීන් එම රටේ ඉන්නවා. ගොඩාක් වෙලාවට අප්‍රිකානු ජාතීන් එකම වගේ නිසා හරිම අමාරුයි කොයි රටේ අයද කියල හඳුනා ගන්න. මේ අය විවිධ ගෝත්‍ර වලට අයත්. මොනවගේ වෙනස් කම් තිබුනත් මේ හැමෝම මිනිස්කම අගයමින් ඉතාම සමගිව මෙහි වෙසෙනවා.
ගෝත්‍රික භාෂා හැත්තෑ දෙකක් පමණ තිබුනත් ප්‍රධාන වහයෙන් කතා කරන්නේ බෙම්බා,නියන්ජා, සූලු,වගේ භාෂා තමයි. හැබැයි අපිට වගේ අක්ෂර ඒ අයට නෑ. ලියන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින්. පාසැල් වල උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. සැම්බියාව ස්වාභාවික සම්පත් වලින් පිරුන රටක්. වැඩියම තියෙන්නෙ තඹ. ඒ වගේම නොයෙකුත් ඛනිජ වර්ග තියෙනවා. ඒ වගේම ස්වාභාවික ජල සම්පත වගේම තවත් අතකින් වන උද්‍යාන නිසා ඒ මගිනුත් විදේශ විනිමය රටට ලැබෙනවා. වැඩියම කෘෂි ආර්ථිකයක් මත තම්යි යැපෙන්නේ. වැඩිපුර වවන්නේ බඩ ඉරිගු, සහල් එක පැත්තක වගා කරනවා. තව රටකජු, ඇට වර්ග , ඇපල් , පීචස්, ස්ට්‍රෝබෙරි වගේ පළතුරු වවනව. අපි බත් කනවා වගේ ඒ රටේ අය ආහාරයට ගන්නේ බඩ ඉරිගු වලින් හදපු තලපයක්. මේ තලපයට කියන්නේ න්ෂීමා කියල. න් අකුර බොහෝ විට ශබ්ද කරල නොයෙක් වචන කියවෙනවා. ඒකත් එක්ක මස් වර්ගයක් , බොහෝවිට කොල වර්ගයක් සමග මේ කෑම ගන්නවා.





Comments

Popular posts from this blog

අවුකන හිද .