නෙත රැඳුන දසුනක හද රැඳුන මතකයක මිහිරියාව.
අඳුර ඉරා පෑයූ සඳ! කතාව බ්ලොග් එකේ දැම්මට පස්සේ මට හිතුන අපි කාලයක් තිස්සේ ඒ කියන්නේ අවුරුදු පහළවක් විතර ජීවීතේ ගෙවුන රට ගැන යමක් ලියන්න ඕනෙ කියල. මුල ඉදලම මතක් කරගන්න ටිකක් අමාරු වෙයි. මොකද එහේ ඉඳල ආපසු ඇවිත් කාලයක් ගතවෙලා නිසා. ටික ටික මතකය දිග හරින්න වෙනව. හිමින් හිමින් අපි එහේට යමු.
මුලින්ම හිතුවා රට ගැන ඔබට යමක් කියන්න. සැම්බියාව කියන්නේ අප්රිකාවෙ දකුණු ප්රදේශයේ තියෙන විශාල රටක්. උතුරෙන් කොංගෝ වටත්, උතුරුනැගෙනහිරෙන් ටැන්සානියාවටත්, නැගෙනහිරෙන් මලාවි දේශයටත්, මොසැම්බික්, සිම්බාබ්වේ, බොට්ස්වානා හා නැමීබියාව දකුණෙන් හා බටහිරෙන් ඇංගෝලාවටත් වටවූ දේශයක්. http://en.wikipedia.org/wiki/File:ZMB_orthographic_NaturalEarth.svg මෙතනින් පිහිටීම බලන්න පුලුවන්.
මෙහි විදෙශීය ආක්රමණයන්, ගවේශකයන් සමඟ අසල්වැසි රටවල සතුරු බලපෑම් හා එකතුව 19 වනශතවර්ෂය දක්වා වෙනස් කම් වලට භාජනය වූ බවක් පෙනෙන්නට තියෙනවා. මේ සඳහා එම රටේ ප්රභූවරුන් සහාය වූ බවක් හිතන්නට පුලුවන්.
උතුරු රොඩේෂියාව නමින් කලින් හැඳින්වූ මෙම රට 1964 ඔක්තෝම්බර් 24 වන දින නිදහස ලබන්නට සැම්බියාවට හැකිවෙනවා බ්‍රිතාන්‍ය අධිරාජ්යයෙන්. බ්‍රිතාන්‍ය අධිරාජ්යවාදීන් ගේ සමළුවේ ක්රියාකාරී සාමජිකත්වය ලබන්නේ ඉන්පසුවයි. රට හරහා ගලා බසිනා මනස්කාන්ත සැම්බීසි ගංගා කොමලිය නිසා එමරටට සැම්බියාව යැයි නම ලැබෙනවා.
මුල්ම ජනාධිපති තුමා වන්නේ ආචාර්රය කෙනත් කවුන්ඩා මහතායි. ඔහුගේ එක්සත් ජාතික නිදහස් පක්ෂය ඒකපාක්ශික පක්ෂයක් ලෙසයි ජනතාව අතරට එන්නේ. මේ ක්රමය 1972 - 1991 දක්වා පැවතුනා. One Zambia One Nation! ලෙසයි ඒ කාලයේ ජනාධිපති තුමාගේ උද්දෘත පාඨය උනේ.
1991 දී බහු පාක්ෂික ආණ්ඩු ක්රමයකට හැඩ ගැසීමෙන් පසුව ෆෙඩ්ඩ්රික් චිලුබා මහතා ජනාධිපති වරයෙකු වශයෙන් පත්වෙනවා. ඉන් පසු ලෙවි මුවන්සා මහතා 2008 දී මියයන තුරුම ජනාධිපති ධූරය දරනවා.
අද සැම්බියාව බන්ටු, ටොන්ගා, න්කෝයා, ලුබා-ලුන්ඩා, න්සොකෝලා, න්ගෝනි වැනි ගෝත්රික ජනයා ගෙන් සමන්විතයි. ඔවුන් අප්රිකාවේ විවිධාකර පැති වලින් පැමිණ පදිංචි වූ අය වෙති. 18 වන ශතවර්ශයේ යුරෝපීය ජාතිකයින් ගේ පැමිනීමෙන් පසුව ඔවුන්ගේ ජාතිය විවිධ හැල හැප්පීම් වලට භාජනය වෙනවා.
මේ අතර ඩේවිඩ් ලිවින්ග්ස්ටන් මහතා ප්රධාන තැනක් ගන්නවා. ඔහු අප්රිකා වහල් වෙළදාම ප්රතික්ශේප කරමින් ක්රිස්තියානි ආගම පතුරවා, වෙළද ආර්තිකයකට සහ සමාජ සාරධර්ම පිලිපැදීමට ඔවුන් හුරු කරනවා.
මෙම පිළිරුව එම මහතාගේ නමින් වික්ටෝරියා දිය ඇල්ල අසල සැම්බියා දේශසීමාවේ ඉඳිකර තිබෙන්නේ ඔහුට ගෞරව කිරීමක් වශයෙනුයි.
ඔහු විසින් පළමු වරට සොයා ගන්නා ලද සැම්බීසි ගංගාවේ මනස්කාන්ත දිය ඇළි ඔහු විසින්ම වික්ටෝරියා රැජිණ නමින් නම් කෙරුන බවයි සඳහන් වන්නේ. 1873 දී ඔහුගේ මරණින් පසුව බොහෝ සුදු ජාතිකයින් මෙහි මිෂනාරි කටයුතු සඳහා සහභාගි වූ බව සඳහන් වෙනවා.
1888 දී දකුණු බ්‍රිතාන්‍ය දකුණු අප්රිකා සමාගම නමින් සමාගමක් ලිටුන්ගා නම් ලෝzසි ගෝත්රික රජ තුමා ගෙන් එම ප්රදේශයේ සම්පත් භාවිතා කිරීමට අවසර පතනවා. එම සමාගම මේ වගේම උතුරු නැගෙනහිර පැත්තේ සිම්බාබ්වේ පැත්තත් වෙනම පාලනයකට නතු කර ගන්නවා.
මේ සදහා මූලිකත්වය ගත් සිසිල් රෝඩ්ස් නමින්ම මෙම ප්රදේශය උතුරු රොඩේශියාව නමින් ඔවුන් හදින්වූවා. 1895 දී රෝඩ්ස්, ඇමෙරිකනු ජාතික බාල දක්ශයෙකු වූ ෆෙඩ්රික් රසල් බර්න්හැම් නම් වූ කෙනෙකුට මෙම ප්රදේශයේ ස්වාභාවික ඛනිජ සම්පත් ගවේශනයට අවසර දෙනවා. ඔහු විසින් සොයාගන්නා ලද තඹ ආකර අදටත් මේ රටේ විශාල විදේශ විනිමය උපයන මාර්ගයක් වෙනවා. 1923 දී උතුරු රොඩේශියාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙනවා.
1964 ඔක්තෝම්බර 24 දින සැම්බියාව ජනරජයක් ලෙස ජනාධිපති කෙනත් කවුන්ඩා මහතා පත්කර ගන්නවා.
මෙම ජනාධිපති තුමා ගේ කාලය තුල කරීබා ජලාශය තනා එම රටේ පළමු ජල විදුලි බලාගාරය පිහිටුවනවා. ඒ අතර අසල්වැසි ටැන්සානියාව සම්බන්ධ කරමින් දුම් රිය මාර්ගයක් තනවනවා. චින ආධාර වලින් තනවන ලද මේ දුම් රිය මාර්ගය අදටත් ලොවට භාණ්ඩ ප්රවාහනයේ දී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. බොර තෙල් ප්රවාහනය සඳහා තෙල් ප්රවාහන මාර්ගයක් න්ඩෝලා නගරය දක්වා ඉදි කෙරුනා.
අවශ්‍ය පින්තූර ලබා ගත්තේ මෙතනින්.
http://en.wikipedia.org/wiki/Zambia
ලෝකෙ හැම රටක්ම දකින්න ලැබෙන මිනිස්සු ඉන්නෙ අතලොස්සක් වෙන්න ඇති, ඒ වුණාට ඒ හැම රටකටම ආවේණික වෙනස්කම් නම් ඕනෙතරම්.. ඒ නිසා තවත් රටක අත්දැකීම් සින්හලෙන් ම කියවද්දි ශෝක්...
ReplyDeleteඒක නම් ඇත්ත නංගී, පෙර කරපු පිනකට මට ගොඩාක් රටවල් වලට යන්න ලැබුනා. මගේ මේ පිටුවේ ඒ ගැන ලියවේවි ඉදිරියට. ඔයාගේ ජපන් විස්තරත් මම ගොඩාක් ආසාවෙන් කියවනවා . ඒ කතා ශෙල්‍යයට මම හරිම කැමතියි. ඔයාට ස්තූතියි නංගි.
ReplyDeleteඔව් අක්කේ දිගටම ඒ විස්තරය ලියන්න. අපිට අප්‍රිකා දේශය ගැන ලස්සන සටහනක් කියවන්න ලැබේවි. සුභ පැතුම්!
ReplyDeleteකියවන්න ආසයි මේ විස්තර. දිගටම ලියන්න අක්කේ.
ReplyDeleteහැම දෙනාටම ස්තූතියි! මට පුලුවන් විදිහට මේ විස්තර ඔබට ගෙනෙන්නට උත්සාහ කරනවා. මේ රටේ හැම විස්තරයක්ම ලියන්නට හිතා ඉන්නවා.
ReplyDeleteඔයාට සිංහල අමතක වෙලා නැති එක ලොතු දෙයක් සමහරුන්ට මාස 6 ක් විදේශයක ඉන්න කොට සිංහල අමතක වෙනවා.
ReplyDelete@Chandhi,
ReplyDeleteනංගි, එහෙම වෙන්නෙ කොහොමද? මම හිතන්නෙ නෑ ලෝකෙ කාටවත් තමන්ගේ මව් භාෂාව අමතක වෙනව කියල. නමුත් අවාසනාවට ලංකාවෙ අයට එහෙම උනබව මම දන්නව. රඟ පෑමටද දන්නේ නැහැ. ස්තූතියි මේ පැත්තෙ ආවාට.