සොඳුරු මතක සටහන්.3

මෙහි තියෙන ගංගා නම් සැම්බීසි, කෆුවේ, කලම්බො, ලුඅපූලා, මුලුන්ගුෂි, ලුසෙෆ්වා යන නමින් තැන තැන තිබෙන ගංගා හඳුන්වනවා. මනහර දිය ඇලි කීපයක් තිබෙනවා. ලෝකයේ පළලින් වැඩිම දෙවන දිය ඇල්ල වන වික්ටෝරියා දිය ඇල්ල පිහිටා තිබෙන්නේත් මෙහිමයි. තව කලම්බෝ, කබ්වෙලුමෙ, චෞමා, න්ගොන්යෙ, ලුමන්ග්වෙ, මුටුමුන, නියම්බ්වෙසි වැනි කුඩා දිය ඇලි කිහිපයක් මෙහි තියෙනවා. මම නම් දැකලා තියෙන්නෙ වික්ටෝරියා සහ කලම්බො විතරයි.

අතරින් වික්ටෝරියා දිය ඇල්ල හරිම සුන්දරයි. සැම්බීසි ගඟ තමයි මේ දියඇල්ල බවට පත් වෙන්නේ. එය අඩි පන්දහස් හයසිය හතරක් පළලයි. උස අඩි තුන්සිය පනස් හතරයි. හිතාගන්න පුලුවන්නේ ප්රමණය. රටේ අය කියන්නේ මේ ඇල්ල දැක්කෙ නැති ඇස් දෙකක් වැඩක් නෑ කියලයි. මම හරිම ආස තැනක්. පැය ගානක් ඔහේ බලා ඉන්න පුලුවන් ඇල්ල කඩා හැලෙන දිහාව. පුදුම හිතෙනව මෙච්චර ජලස්කන්ධයක් කොහොමද මෙහෙම ගලා හැලෙන්නේ කියල. ගෝත්රික අය කියන නම තමයි මොසි ටියුනියා. කියන්නේ ගුගුරන අනෝරා වැස්ස කියලයි. එහෙම නැත්නම් හරිම තේරුම ගිගිරුම් සහිත දුමාරය කියන එකයි. (‘The Smoke that Thunders’)



** මේ පින්තූර ලබා ගත්තේ අන්තර්ජාලයෙන්. විස්තරත් සමහර ඒවා එතනින්. එක පාරක් බොත්තම ඔබල ලොකුකරල බලන්න පුලුවන් අපැහැදිලි නිසා මෙහෙම බලන කොට. ඒ ගැන කනගාටුයි.

Comments

  1. අපිට ඉතින් ඔයා නිසා මෙහෙම හරි බලන්න පුළුවන් වුනා.. ස්තූතියි.. ඉස්සරහටත් කියවන්න බලාපොරොත්තු වෙනවා අක්කගේ බ්ලොගය... සුභ පතනවා පවුලෙ හැමෝටමත්.. තුණුරුවන් සරණ නිරතුරුවම ලැබේවා!!!

    ReplyDelete
  2. හරිම ලස්සන දිය ඇල්ලක්. බොහොම ස්තුතියි අක්කෙ අපිත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
  3. @ නලිනි චන්දිමා, ගොඩක් ස්තූතියි නංගි. ඔයාට පුලුවන් කාලෙක අප්‍රිකාවට යන්න බලන්න. ගොඩක් වෙනස් පරිසරය වගෙම මිනිස්සුත්. සත්තු හරිම නිදහසේ ඉන්නෙ වනෝද්‍යාන වල. සමහර රටවල නම් ප්‍රශ්ණ. සැම්බියාව, බොට්ස්වානා,කෙන්යාව, දකුණු අප්‍රිකාව ගොඩක් හොදයි.

    ReplyDelete
  4. @ තනෝජා,
    නංගි, ඔයාටත් ගොඩක් ස්තූතියි. මම ඔයාගෙ පොඩි පැටික්කියො දෙන්නගෙ වැඩ ගැනත් කියවනවා. මට ඉන්නෙ ලොකු පුතාල තුන් දෙනෙක්. එක්කෙනෙක් විවාහ වෙලා. ඒ දුව ගෙදරට ආවම තමයි අපේ ගෙදර පිරුනෙ. දුවෙකු නැති ගෙදර අඩුවක් තියෙනව කියල දැන් තමයි තේරෙන්නේ. අපේ පවුලෙ ගොඩක් ගැහැනු ළමයි හිටිය නිසා මම දුවෙක් ලබන්න ආස උනේ නෑ ඒ දවස් වල.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සෙනෙහස!