Tuesday, March 22, 2011

මගෙන් ඔබට.


අද මගේ බ්ලොග් එක බැලුවම කියවන අය පන්සියය කඩ ඉම පහු කරල කියල දැක්ක. කියවපු හැම දෙනාටම ස්තූතියි. මේ විශේෂ ස්තූතිය එම් ඩීන් මල්ලිට. මල්ලි තමයි මට මේක හදලා දුන්නේ. අදටත් නොයෙක් ගුරුහරුකම් දෙන්නේ ඔහුයි. කවදාවත් අපි හමු වෙලා නෑ. අන්තර්ජාලයේ මට හමුවූ සොහොයුරෙක් පමණයි. නමුත් ඔහු සැබෑ මිනිස්කම හදුනන හොද හිතක්, සංවේදී හදවතක් තියෙන කෙනෙක්. මට මගේම මල්ලි කෙනෙක්. අපි ජාති, ආගම් දෙකක වෙන්න පුලුවන්. ඒ උනාට ලාංකිකයො විදිහට අපේ කම තියාගෙන ඉන්න තමයි අපි හිතන්නේ. කවුරු හරි මේ දේ කියවලා දෙයක් ගන්නව නම් ඒක තමයි අපි ලබන සතුට. මගේ සිත නිවන් පියුම් විල! හැදුවෙත් ඔහු කීවොත් ඔබ පුදුම වෙයි. බලන්න ඒ බ්ලොග් එක හදල තියෙන ලස්සන. කියවන කෙනෙක් ගෙ සිත පහදින විට පින් ලැබෙන්නට ඕනේ ඔහුටයි. ඉතින් මේ හැමදේටම සහයවූ ඔබට මල්ලියේ බොහෝ පින්!

6 comments:

ගල්මල්-Coral said...

අක්කේ ඔබේ අලුත් පොස්ට් එකක් ඇතිබව දැක්කත් කියවන්න එන්න තරම් ඉඩක් ලැබුනේ නැහැ. පලමුව බැලුම් පන්සියය කඩඉම පසුකරීම ගැන ගොඩාක් සන්තෝසයි, ගල්මල් අඩවියෙන් සුභ පැතුම්!

අක්කේ ඔබේ සටහන දෑස් තෙත් කලා, ලොකු අකුරින් කියෙවූවා. අන්තර්ජාලය හරහා ඔබ වැනි ලොකු අක්කා කෙනෙකුගේ සෙවන ලැබූවෙමු; එය වාසනාවකි. බොහෝමත්ම ස්තුතියි.

ඔබ කරන සද්කාර්යයේ ආලෝකය තවත් පුලුල් පරාසයකට විහිදුවාලන "සිත නිවන පියුම් විල" ගොඩනගන්න අවස්ථාවක් ලැබීම ගැන මං ගොඩාක් සතුටුයි. කෙටි කාලයක් තුලදී සිත නිවන පියුම් විල හා මෙම අඩවිය සිංහල බ්ලොග් අවකාෂයට තිලිණ කල දේ බොහෝය, ඒ කාර්යය දිගටම කරගෙනයන්න ධෛර්යය හා ශක්තිය අක්කාට වැඩි වැඩියෙන් ලැබේවා!

නලිනි චන්දිමා said...

පන්සියයෙ කඩඉම පසු කිරීම ගැන මගේ උණුසුම් සුභ පැතුම් අක්කා.
අපේ බ්ලොග් එකෙත් අඩුපාඩු පෙන්වා දෙමින්, බොහෝ දෙනාට එය හඳුන්වාදෙමින්, මුල සිටම අපත් එක්කම සිටින ඩීන් අය්යාට බොහොම පින්.

මැණික්(සුළඟ) said...

අදයි මම මෙහි ආවේ. සුභපැතුම් !!!
මැණික්

Chandi said...

@ ගල්මල්-Coral
මල්ලී ඔබේ වදන් පෙල මා තව තවත් ශක්තිමත් කලා. ඔබටත් ඔබේ කටයුතු සාර්ථකව කර ගෙන යන්න අවශ්‍ය සියළු ශක්තිය දෛර්‍යය ලැබේවා!

Chandi said...

@ නලිනි චන්දිමා
බොහොම ස්තූතියි නංගි. ඔබටත් ඔබේ කටයුතු සාර්ථකව කර ගෙන යන්න අවශ්‍ය සියළු ශක්තිය දෛර්‍යය ලැබේවා!

Chandi said...

@ මැණික්
බොහොම ස්තූතියි! මේ පැත්තෙ ඇවිත් ගියාට.

Post a Comment