කෙතක් වෙලා කුස පිරුවා වැවක් වෙලා පවස නිවා අහස වගේ සෙවන සදා වෙසතුරු සේ දනින් පුදා ඒ සෙවනේ පහස ලබා අපි සැම පෝශණය වුනා මහා විසල් රුකක් වෙලා අව්වැසි සැම එතෙර කලා මවත් වෙලා පියත් වෙලා ලොබක් නැතිව සෙනෙහස පා ලොවම ගෙනත් පා මුලෙහි තබා දුන්න සෙනෙහෙ මහමෙරක් වෙලා හදවත තුල නිදන් වෙලා වැතිර නිදයි බරක් වෙලා දෙනෙත් පුරා ඉතිර ගලා කඩා වැටේ කඳුල වෙලා
බොහෝවිට දුක ශෝකය විතරක්ම පෙන්නුම් කරන සළකුණු කරන කඳුල, ඒ කඳුලේ ලස්සන පිළිඹිබු කරන ලස්සන පදපෙලක් අක්කේ.
ReplyDeleteකඳුලු බිඳක් නැති ඇහැක වියළීමෙන් ඇතිවෙන වේදනාව මොනතරම් අමාරු වෙන්න පුලුවන්ද (dry eye)