ආදරනීය මලීෂා. 1
මේ කතාව මා ඔබට කියන්නේ මලීෂා නම්වූ ලොව මට හමුවූ කරුණාවන්තවූත් , සුන්දරමවූත් ගැහැනිය පිළිබඳවයි . ඔබට මෙය අමුතුම මාදිලියේ කතාවක් වනු ඇත . ඇය මගේ පියාගේ පළමු පෙම්වතියයි . මුලින්ම මේ තේරුම් ගැනීමට ඔබට සැම්බියාව නම් වූ සුන්දර අප්රිකානු රටට යායුතු වේ . මගේ සීයා ගේ නම ලුකෝනා බන්ඩාය. සීයා ඉපදී ඇත්තේ කසාබා බේ නම් වූ සුන්දර ටැන්ගනිකා විල් තීරයේය. ටැන්ගනිකා විල මහා සාගරය තරම්වූ විශාල විලකි. නේක විධ මත්සයන් ගෙන් පිරි සුනිල්වන් දියෙන් පිරි මේ විලෙහි භයානක කිඹුලන් ද ගහනය. මගේ සීයාගෙ ඇසක් අන්ධ වූයේ මෙහි පිහිනීමට ගොස් කිඹුලෙකු විසින් කා දමා බව මම අසා ඇත්තෙමි. සීයා කුඩා කල සිදුවූ මෙම අනතුරින් පසුව ඔහුට හරියාකාරව ඉගෙනීමක් ලැබී නැත. මුහුනේ ඇතිවූ විශාල සීරීම් කැළලක් හා පාදයකට සිදුවූ අනතුර නිසා මදක් කොර ගසමින් ඇවිදින්නට ඔහුට සිදුවිය. මේ කාලයේ තැනින් තැන ඇවිදිමින් කල්ගෙවන්නට ඔහුට සිදුවී ඇත. මේ අතර තුර පටේල් නම්වූ ඉන්දියානු ජාතික මහතෙකු සීයාට හමුවී ඇත. මේ හමුවීම ඔහුගේ මෙන්ම පවුලේ අන් අයගේ ද ජීවිත වලද මහත් වෙනසක් ඇති කලේය. මගේ සීයා ලුසාකා නගරයට පැමිණ ඇත්තේ මේ හමුවීමෙන් පසුවය. ...